චන්ද්‍රිකා වැඩට බසියි : පක්ෂය රකින්න සංවිධායකයන් කැඳවයි !

චන්ද්‍රිකා වැඩට බසියි : පක්ෂය රකින්න සංවිධායකයන් කැඳවයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිනිය,  ශ්‍රීලනිප ආසන සංවිධායකයින් විශාල පිරිසක් අමතමින් පක්ෂය යළි ගොඩනැගීමට එක්වන ලෙස ආරාධනය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින්  වාර්තාවේ.

මේ අතර ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ආසන සංවිධායක පිරිසක් මුදල් ඇමති මංගල සමරවීරගේ නිවසේදී අද (10) පෙරවරුවේ රැස්වී සාකච්ඡාවක් පවත්වා ඇතැයි ද දැනගන්නට ඇත.

ඒ සඳහා ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් හතළිහකට අධික පිරිසක් සහභාගී වී ඇතැයිද වාර්තා වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  ගෝඨාබය රාජපක්ෂට සහයෝගය දීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඔවුන් එහිදී අදහස් පළ කර ඇතැයි ද වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමට වෙල්ගමත් එක්වේ:

මේ අතර සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, 'නෙත් නිවුස්' වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණයට තමන් විරුද්ධ බවයි.

එහෙත්, ජනාධිපතිවරණ සමයේ දී කිසිඳු පාර්ශවයකට සහය නොදී නිහඬව සිටීමට තමන් තීරණය කර ඇති බවද  ඔහු කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න