දුම්රිය ස්ථානවල : සනීපාරක්ෂක පහසුකම් නැංවීම ක්‍රියාත්මකයි !

දුම්රිය ස්ථානවල : සනීපාරක්ෂක පහසුකම් නැංවීම ක්‍රියාත්මකයි !

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් 2019 අයවැය මගින් ඉදිරිපත් කළ, දුම්රිය ස්ථානවල පොදු සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ යෝජනාව අනුව දිවයිනේ ප්‍රධාන දුම්රිය ස්ථාන 10ක සනීපාරක්ෂක පද්ධති ඉදිකිරීමේ කටයුතු අරඹා තිබේ.

මුදල් අමාත්‍යාංශය නිවේදනයක සඳහන් වන ආකාරයට පොල්ගහවෙල, රඹුක්කන, හැටන්, පුත්තලම, හලාවත, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රධාන දුම්රිය ස්ථාන 7ක මෙම සනීපාරක්ෂක පද්ධති වැඩ අවසන් වී ඇති හෙයින් මහජන පහසුව පිණිස ඒවා දුම්රිය දෙපාර්තමේන්තුවට ඉදිරි සතියේ දී භාර දීමට නියමිත ය.

මීට අමතරව කඩුගන්නාව, පේරාදෙණිය සහ ජා-ඇල යන දුම්රිය ස්ථානවල සනීපාරක්ෂක පද්ධතිවල ඉදි කිරීම් කටයුතු ද මේ වන විට අවසන් කරමිනි පවතී. ස්ත්‍රී, පුරුෂ සහ විශේෂ හැකියාවන් සහිත අය ද ඇතුළත් වන පරිදි වෙන් වෙන්ව තනි පද්ධතියක් තුළ මෙම සනීපාරක්ෂක පහසුකම් ඇති කර තිබේ. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මගින් මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

එක් සනීපාරක්ෂක පද්ධතියක් සඳහා රජය වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 93කි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න