ජනාධිපතිවරණය: ශ්‍රීලනිපයේ මිලියනයක තීන්දුව ජනපති අතේ !

ජනාධිපතිවරණය: ශ්‍රීලනිපයේ මිලියනයක තීන්දුව ජනපති අතේ !

මෙවර ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකයකු ලෙස කටයුතු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇතත් ඔහුගේ යම් සංඥාවකින් වුව ජනාධිපතිවරණයේ ජයග්‍රහණය හිමිවන්නේ කවරෙකුට දැයි තීන්දු වනු ඇති බව ශ්‍රීලනිපයේ හිටපු ඇමතිවරයකු අවධාරණය කර සිටියේය.

ඔහු එබව සඳහන් කලේ ඇල්පිටිය ප්‍රාදේශය සභා මැතිවරණයේ ප්‍රතිපල සම්බන්ධයෙන්  කළ විමසීමකදීය.

''ඉස්සෙල්ලම කියන්න ඕන ඇල්පිටියේ මැතිවරණ ප්‍රතිපලයෙන් ජනාධිපතිවරණයට බලපෑමක් වෙන්නේ නැහැ. 2015 ජනාධිපතිවරණය වෙලාවෙදිත් ඔය ආසනය දිනුවේ මහින්ද මහත්තයා. එදා ඔහු සියයට 60කට ආසන්න ගණනකින් ඔය ආසනය දිනුවා. එත් අවසානයේ ඡන්දයදිනලා ජනාධිපති වුනේ මෛත්‍රී මහත්තයා.

කොහොම වුනත් ජනාධිපතිතුමා සභාපතිකමෙන් තාවකාලිකව ඉවත්වෙලා දුන්න සිග්නල් එක ජනතාව තේරුම් අරන් තියනවා කියල ඇල්පිටිය ඡන්ද ප්‍රතිපලයෙන් හොඳින්ම පේනවා. පැහැදිලිවම ශ්‍රීලංකා කාරයෝ පොහොට්ටුවට ඡන්ද දීලා නැහැ. දෙන්නෙත් නැහැ ...පොහොට්ටුවට ඉතාමත් වාසිදායක ඇල්පිටිය බල ප්‍රදේශයේ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයට ලැබුන ඡන්ද ප්‍රතිපලයෙන් පේනවා අවම වශයෙන් ශ්‍රිලංකා කාරයින් දශ ලක්ෂයක් වත් පොහොට්ටුවට එරෙහිව මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරනවා.

ඒ කාරණය පොහොට්ටුවේ නායකයින් වගේම එක්සත් ජාතික පක්ෂයේ නායකයිනුත් තේරුම් ගැනීම වැදගත්...නැත්නම් පසුව පසුතවිලිවෙන්න වේවි ...'' ඔහු අනතුරු අඟවා සිටියේය.


මෛත්‍රිගෙන් ‌මාධ්‍ය ඒකකයට තහනමක්!


මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය සතු කිසිදු භාණ්ඩයක් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට ලබා ‌නො‌දෙන ‌ලෙසට ‌මෛත්‍රිපාල සිරිසේන සිය මාධ්‍ය ඒකකයේ නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කර ඇත.

ඊ‌යේ (11) දිනයේදී සිය මාධ්‍ය ඒකකයේ සියලුම නිලධාරීන් කැදවා ඇති ජනාධීපතිවරයා, මැතිවරණ සමයේදී යම් යම් පුද්ගලයන් මාධ්‍ය ඒකකයේ ඇති බඩුභාණ්ඩ ඉල්ලා පැමිණෙනු ඇති බවත්, ඒ කිසිවකුට කිසිදු භාණ්ඩයක් නිකුත් ‌නොකරන ‌ලෙසත් නියෝග නිකුත් ‌කොට තිබේ.

ඒ අනුව ශ්‍රීලනිපය හා ‌‌පොහොට්ටුව එකතු වුවද ජනාධිපතිවරයා ‌පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරයට කිසිදු සහායක් ‌නොදක්වන ස්ථාවරයක සිටින බව ‌ශ්‍රීලනිප ‌ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න