තරුණයන් ඝාතනයට කලින් කරන්නාගොඩ දන්නවා !

තරුණයන් ඝාතනයට කලින් කරන්නාගොඩ දන්නවා !
කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද තරුණයන් 05 දෙනා පිළිබඳව ඔවුන් ඝාතනය කිරීමට පෙර එවක නාවීක හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ වසන්ත කරන්නාගොඩ දැන සිටි ඇති බව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලබාදෙන ලද ප්‍රකාශයක් මගින් තහවුරු වී ඇත.
 
ඔක්තෝම්බර් 09වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණ්‍යට ඉදිරිපත් කළ බී වාර්තාවක මෙම කරුණු අඩංගු වෙයි. 

එහි සඳහන් අන්දමට අධිකරණ නියෝගයකට අනුව සැප්තැම්බර් මස 26 සහ 27 යන දින දෙක තුළ වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇත. 
 
එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කොමදෝරු බණ්ඩාර සහ කපිතාන් රණසිංහ යන අයගෙන් ලැබුණු තොරතුරු මත 2009 මැයි 10 දින එවක නැගෙනහිර ආඥාපති සුසිත් වීරසේකර පුද්ගලිකවම ත්‍රිකාණමලයේ ගත් සයිඩ් භූගත කඳවුර වෙත යවා පරීක්ෂා කළ බවය.
 
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විමසා ඇත්තේ 2009 මැයි 28 වැනි දින ලුතිනන් කොමදෝරු සම්පත් මුණසිංහට විරුද්ධව මෙම පැහැරගෙන ගොස් කප්පම් ගැනීමේ සිද්ධිය පිළිබඳව පොලිසියට කරනු ලැබු  පැමිණිල්ලේ මෙම කරුණ සඳහන් නොකළේ ඇයි යන්නය. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ සුසිත් වීරසේකර එම ස්ථානයේ තරුණයින් නැහැ යැයි ප්‍රකාශ කළ නිසා නැති දෙයක් පිළිබඳව වාර්තා කිරීමේ නීතිමය ප්‍රශ්නයක් ඒවී යැයි තමන්ගේ නීති උපදේශකයා කල්පනා කරන්නට ඇති බවයි. මෙම තරුණයන් ඝාතනය වන්නට ඇත්තේ 2005 මැයි 21 වැනි දා බව සාධරණ කරුණු අනාවරණය වන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව වසන්ත කරන්නාගොඩ හිටපු නාවීක හමුදාපතිවරයා මෙම තරුණයන් ගන්සයිඩ් කඳවුරේ සිටිනවා දැයි පරීක්ශා කිරීමට ඉහත නිළධාරියා එහි යවන විට එම තරුණයන් ජිවත්ව සිට ඇත. ඒ අනුව මෙම තරුණයන් ඝාතනය වන්නට පෙර වසන්ත කරන්නාගොඩ දැන සිටි ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර ඇත.
 
මෙම ඝාතනයන් සහ කප්පම් ගැනීමට අදාළව නාවික හමුදා නිළධාරින් 15  දෙනෙකු සැකකරුවන් වී සිටින අතර එයින් 10 වැනි සැකකරු පමණක් තවමත් ඇප නොලබා රක්ෂිත බන්ධනාගාරයේ සිටී. මෙම සැකකරුවන් 15 දෙනා අතර හිටපු හමුදාපති වසන්ත කරන්නාගොඩ, විජයගුණරත්න, ඇතුළු එවක හමුදාවේ සිටි ඉහළ නිළධාරීහු රැසක් සිටිති.
 
(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න