Language Switcher

V2025

හසළක ගාමිණී ජීවිතය පුදා දවස් හයෙන් : ගෝඨා කළ දේ මංගල කියයි !

1991 අලිමංකඩ යුද බිමේ යුද්ධය බිහිසුණු අන්දමින් සිදුවෙන අවස්ථාවේ මහා වීරත්වයක් ගැන කතා කරන ගෝඨාභය රාජපක්ෂ යුදහමුදා සේවයෙන් වේලාසන විශ්‍රාම යාම සඳහා එවකට ආරක්ෂක අමාත්‍යවරයා වූ ජනාධිපති ප්‍රේමදාසගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව සිහිපත් කර සිටියේ මාධ්‍යවෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මෙසේද පැවසීය.

ජුලී මාස 10 වැනිදා තමයි මේ රටේ පැවතුන යුද්ධයේ ඉතාමත්ම බිහිසුනු තත්වයක් උදා වුණේ අලිමංකඩ යුද්ධය, අලිමංකඩ යුද්ධයේදී අපේ විරෝධාර සෙබළුන් 220 වඩා ජිවිත අහිමිකර ගත්තා එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදයෙන් 1000කට ආසන්න ප්‍රමාණයක් නැති වුනා. නමුත් මේ බිහිසුනු යුද්ධය යන මොහොතේ මේ බිහිසුනු ඛේදවාචකය සිදුවෙලා දින දහයන් යන්න කලින් මහා වීරත්වයෙන් කතා කරන ‌ගෝඨාභය රාජපක්ෂ 1991 ජූලී මාසයේ 20 වෙනිදා තමයි ප්‍රේමදාස ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමතිවරයා හැටියට ලිපියකින් තමන්ට හමුදාවෙන් අයින් වෙන්නට විශ්‍රාම යන්නට අවසර ඉල්ලුවේ.   

ගෝඨාභයගේ සැබෑ ස්වරුපය !

අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා ගෝඨාභය රාජපක්ෂ එම පක්ෂ අපේක්ෂකතුමා ඇත්ත වශයෙන්ම මේ මොහොතේ රටට අත්‍යවශය වු ජාතියේ ආරක්ෂකයා හැටියට පෙන්නන්න හඳනවා. ඒ වගේම  රට රැක ගන්න පුළුවන් ආරක්ෂා කර ගන්න පුළුවන් මහා වීර්ය චරිතයන් වීර්ය රණවිරුවෙක් හැටියට මවා පාන්න විශාල උත්සහයක යෙදෙනවා. ඇත්ත වශයෙන්ම මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතීතය දිහා බැලුවොත් මොහුගේ සැබෑ ස්වරූපය අපිට හදුනා ගන්න පුළුවන්. 

1991 ජුලී මාස 10 වැනිදා තමයි මේ රටේ පැවතුන යුද්ධයේ ඉතාමත්ම බිහිසුනු තත්වයක් උදා වුණේ අලිමංකඩ යුද්ධය, අලිමංකඩ යුද්ධයේදී අපේ විරෝධාර සෙබළුන් 220 වඩා ජිවිත අහිමිකර ගත්තා එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදයෙන් 1000කට ආසන්න ප්‍රමාණයක් නැති වුනා. නමුත් මේ බිහිසුනු යුද්ධය යන මොහොතේ මේ බිහිසුනු ඛේදවාචකය සිදුවෙලා දින දහයන් යන්න කලින් මහා වීරත්වයෙන් කතා කරන ‌ගෝඨාභය රාජපක්ෂ 1991 ජූලී මාසයේ 20 වෙනිදා තමයි ප්‍රේමදාස ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමතිවරයා හැටියට ලිපියකින් තමන්ට හමුදාවෙන් අයින් වෙන්නට විශ්‍රාම යන්නට අවසර ඉල්ලුවේ. මෙතුමා විශ්‍රාම ගියා විතරක් නෙවෙයි රටම දලා ගිහිල්ලා රටෙන් පැණලා ගිහිල්ලා මේ බිහිසුණු යුද්ධය තිබුණු වේලාවේ වෙනත් රටක පුරවැසිභාවය ගන්නවා. ශ්‍රී ලංකාවේ ගමන් බල පත්‍රය කුණු කුඩුවට විසිකරලා ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙකු වුනේ මේ රටේ යුද්ධයේ බිහිසුණු මොහොතක රණවිරුවන් විශාල ප්‍රමාණයක් තමන්ගේ ජිවිත අහිමිකර ගත්තා. ඇත්ත වශයෙන්ම ඔවුන්ට වීර්ය නායකත්වයක් ලබා දෙන්න පුළුවන් මොහොතක ගෝඨාභය රාජපක්ෂ රට දාලා පැණලා ගියේ.

ඒ ව‌ගේම යලි වතාවක් තම සහෝදරයා ජනාධිපතිවරයා බවට පත්වෙනකොට එතුමා ලංකාවට ඇවිල්ලා කෙසේ වෙතත් ආරක්ෂක ඇමතිවරයා සමඟ මුළු ජනතාවගේම ආරක්ෂාව ගැනම වගකියන්න ඔනේ. නමුත් මෙතුමා ආරක්ෂක ලේඛම් වරයා හැටියට ඉදගෙන මුළු බුද්ධි අංශයක් තමන්ගේ යටතේ තියාගෙන කටයුතු කරද්දි තමයි කොළඹ හමුදා මූලස්ථානයට මරාගෙන මැරෙන කොටි කතක් ගිහිල්ලා සරත් ෆොන්සේකා මැතිතුමාව පවා ඝාතනය කරන්නට උත්සහා කරා විතරක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂවත් ඝාතනය කරන්නට උත්සහා කරනවා. ඒ වෙලාවේ කවුරුත් ඇහුවේ නැද්ද මේ බුද්ධි අංශය තොරතුරු ලබා නොදුන්නේ නැහැ  කියලා. ඒ වෙලාවේ කවුරුත් ඇහුවේ නැහැ මේ සිදුවීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ වගකීම අරගෙන ඉල්ලා අස්වෙනන් ඕන.

රාජපක්ෂ ත්‍රිෂූලයේ වැඩ !

විශේෂයෙන්ම අකුරැස්ස මුස්ලිම් පල්ලියට ඒ මහා බොම්බයෙන් දකුණේ දේශපාලකයින් විශාල පිරිසක් අපිට අහිමි වුණා. මහින්ද විජේසේකර ඇමතිතුමා ඇත්ත වශයෙන්ම සඳාකාලීන අභාදිතයෙක් බවට පත්වුණා. ඒ වගේම අපිට මතකයි ජේ.රාජ් ප්‍රනාන්දු පුල්ලේ මැතිතුමා එහෙත් මරාගෙන මැරෙන කොටි බොම්බයකින් ජිවිතක්ෂයට පත්වුණා. ඒ වගේම එවකට හිටපු ඒ අමාත්‍ය මණ්ඩලයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් ඝාතනය කිරිමේ උත්සහා කිහිපයක් ක්‍රියාත්මක වුණා. මේ තරම් දක්ෂ ආරක්ෂක ලේකම් වරයෙක් බව අද කියන ගෝඨාභය රාජපක්ෂ එතුමාට මේ කිසි දෙයක් නවත්තන්නටත් බැරි වුනා නවත්තන්නට අවශ්‍ය බුද්ධි අංශයේ තොරතුරු ලැබුනාද නැද්ද කියක එකවත් අපි දන්නේ නැහැ. අවසානයේදි ඔහු ඇත්ත වශයෙන්ම රාජපක්ෂ සමයේදී 2008 දි යුද්ධය දින්නා. නමුත් අද මුළු රටම දන්නවා ඒ යුද්ධය දින්නේ වෙන කවුරුත් නිසා නෙවෙයි අපේ විරෝධාර ත්‍රිවිඩ හමුදාව සහා පොලීසිය නිසා. විශේෂයෙන්ම හමුදාවට නායකත්වය දුන්නේ එවකට හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමා නිසා බව අද රහසක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම ඒ බව ඒ රාජපක්ෂ ත්‍රීෂුලයත් පිලි ගත්තා. මොකද තාම මතකයි යුද්ධයෙන් පස්සේ ජයග්‍රාහනය සමරලා කේක් එකක් කපනකොටත් එවකට ජනාධිපතිතුමා කේක එක කැපිමේ වගකීම භාර දුන්නේ සරත් ෆොන්සේකා හමුදාපතිතුමාට. අද සරත් ෆොන්සේකා මැතිතුමා 16 වෙන්දා අපි හිටවන සජිත් ප්‍රේමදාස රජයේ ආරක්ෂාව භාරව සිටින අපේ ප්‍රධානියා හැටියට දැනටමත් නම් කරලා තිබෙනවා. 

රටේ ආරක්ෂාව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට !

අන්න එහෙමනම් මේ රටේ ජනතාව මේ රට ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙන්නේ මේ රට සැබෑ ලෙසම යුද්ධයට මුහුණ දිපු සරත් ෆොන්සේකාටද  නැතිනම් යුද්ධයේ ඉතාම භායානක අවස්තාවකදි රටෙන් පැනලා ගියපු රටේ පුරවැසිකමත් ඇතහැරපු ගෝඨාභය රාජපක්ෂද කියන එක තිරනය කරන්න ඔනේ. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා අද මේ රටේ රාරක්ෂාව සපයන්න  මුල් තැන දිලා තියෙන්නේ මේ ආරක්ෂාව සැපයිමේදි එතුමා කියනවා ආරක්ෂාව සපයන ගමන්ම ආරක්ෂාවට අවශය ප්‍රධාන සාදකය වන සංහිඳියාව තවත් ශක්තිමත් කරලා විශේෂයෙන්ම ජාතීන් ආගම් කුල වශයෙන් නොබිදෙන ශ්‍රී ලංකාවක විතරයි මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්.

හසළක ගාමිණී දිවිපුදා දවස් 6යි !

මේ අතර ආරක්ෂක පුවත් වාර්තා කළ ප්‍රවීණයකු සඳහන් කර සිටියේ හසළක ගාමිණී නම් වීර සෙබළා අලිමංකඩ කඳවුර ආරක්ෂා කිරීම වෙනුවෙන් එල්ටීටීඊ මාරක යුද ටැංකියට පැන සියදිවි නසා ගෙන සතියක් ගතවීමට පෙර ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ හමුදා සේවයට සමුදුන් බවය. හසළක ගාමිණි ජීවිතය පූජා කළේ 1991 ජූලි 14 වනදා බවත් ඔහු පැවසීය.