SFගේ සහ ගෝඨාගේ නඩු හරි වෙනස් : අනාගතය ගැන දැනෙන්නේ බියක් !

SFගේ සහ ගෝඨාගේ නඩු හරි වෙනස් : අනාගතය ගැන දැනෙන්නේ බියක් !

ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමගම රාජපක්ෂ වරුන්ගේ උදහසට ලක්විය. 2010 වසරේ මාර්තු මාසයේ ඔහු සිය කාර්යාලය තුල සිටියදීම හමුදා පොලිසියෙන් පැමිණඔහුව අත් අඩංගුවට පග්තේය. දුටුවන් පැවසූයේ ඔහුව බිම දිගේ ඇදගෙන ගිය බවය. ඒසේගෙනගිය ඔහුව නඩු තුනක් දැම්මේය.

1-    සුදුකොඩිනඩුව

2-    තනතුරේ රුදී සිටිමින් දේශපාලනය කිරීම

3-  ටෙන්ඩර් පිරිනැමීමේදී සිය  බෑනා තනතුරක් දැරූ සමගමක් සමග ගනුදෙනු කිරීම

මෙම නඩු අතරින් සුදුකොඩි නඩුව ත්‍රිප්දගල මහාධිකරණයක විභාග කල අතර අනෙක්නඩු විභාග කරන ලද්දේ හමුදා අධිකරණයකදීය.සුදුකොඩි නඩුවේ විනිසුරුවන් වූයේ දීපාලි විජෙසුන්දර, ඉසෙඩ් රෂීන් සහ එටී ඒම් පී බී වරාවැව ය.

මෙම නඩුවේ ෆොන්සේකාව  වැරදිකරු  කල දීපාලි අභියාචනාධිකරණයට පත් කල අතර රෂීන්ටතානාපතිධුරයක් ලැබිනී. පොන්සේකා නිවැරදිකරු  යැයි කී වරාවැව අභියාචනාධිකරනයට උසස්වීම් නොදීගෙදර යැව්වේය.

හමුදා අධිකරණයේදී නඩුව අසාගෙන යනවිට උසාවිනිවාඩු කාලය පැමිණුනි. පොන්සේකාගේ නීතිඥයා (ලද්දුවහෙට්ට්) විදේශ ගත වීමට දිනයොදගෙන ඇති නිසා අධිකරණ නිවාඩුවෙන් පසුව දිනයක් නඩු විභාගය සදහා යොදා ගන්නා ලෙසඉල්ලා සිටින ලදී නමුත් යුද අධිකරණය ඒයට ඉඩ දුන්නේ නැත. යුධ අධීකරණය පවතින්නේ අධිකරණසේවා කොමිසම යටතේ නොව ආරක්ෂක අමාත්‍යංශය යටතේය. නීතිඥයා නොමැතිව නඩුව ගෙනයාමටපොන්සේකට සිදුවූ අතර, නීතිඥයා විදේශගතවී පැමිනෙන විට පොන්සේකාව වැරදිකරැ කර වසරදෙකකට සිරදඩුවම් ලබාදී  තිබිණී.

ගොඨාට ඒරෙහිව තීබූ චෝදනා සියල්ලම  වරනේතුවක් නොමැතිව අත් අඩංගුවට ගතහැකි වැරදි  සම්බන්ධවය. නමුත් ඔහුව අත් අඩංගුවට ගැනීමඅධිකරණයට ගොස් වලක්වාගෙන ඇත. ඒ් රාජපක්ෂ  යුගයේ දී පත්කල  විනිසුරුවරැන්ගෙන්ය. පසුව නඩුව අසාගෙන යනවිටවාරණ නියෝගයක් ලබාදී විනිසුරුවරු  නඩුවෙන්ඉවත්වන්නේ ගෝඨා සමග පුද්ගලික සබදතා ඇති නිසා නඩුව ඇසීමට නොහැකි බවු පවසමිනි. තමන්ට නඩුව  ඇසිය නොහැකි නම් වාර්ණනියෝගයක් නිකුත් කලේ ඇයි ද යන්න විශාල ප්‍රශන්යකි. ඒසේ කී විනිසුරැවරු පසුගියදිනක යලි විනිසුරු අසුනට පැමිණ නඩු දෙසැම්බර් 10 වනදා දක්වා කල් තැබුවේය. මුලින් ගෝඨා අධිකරණයමැගහරින ලද අතර දැන් අධීකරණය විසින් ගොඨාව මගහරමින් සිටියි.

මෙම නඩු ගැන සංසන්දනය කරන විට අධිකරණයේහැසිරීම අරුම පුදුමය-.අනාගගය ගැන බියක් දැනේ.

-විශේෂ වාර්තාකරුවෙකු විසිනි -   

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න