බැඳුම්කර විමර්ශනයට බලපෑම් : රහස් පොලිසිය කනස්සල්ලෙන් !

බැඳුම්කර විමර්ශනයට බලපෑම් : රහස් පොලිසිය කනස්සල්ලෙන් !

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එලවන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් රහස් පොලිසියේ නිලධාරීන් බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන අත්අඩංගුවට ගත් ආකාරය හා අත්අඩංගුවට ගැනීමට අදාළ තොරතුරු මාධ්‍ය ආයතනවලට ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට රහස් පොලිසියට බරපතල චෝදනාවක් එල්ලවී ඇත.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් ආකාරය සිරස මාධ්‍ය ජාලය විසින් සජීවී ව විකාශය කෙරුණේ රහස් පොලිසියට අනුයුක්තකර සිටින දේශපාලන සම්බන්ධතා ඇති පරිගණක විශේෂඥයකු විසින් ලබාදී ඇති තොරතුරු මතබව මේවනවිට අනාවරණයවී තිබේ. එය රහස් පොලිසියේ කීර්ති නාමයටවිශාල හානියක් කර තිබේ.

 පියාත් අත්අඩංගුවට ගන්නැයි බලපෑම් :

 එසේම, මෙම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස් මහතාගේ පියා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු රහස් පොලිස් නිලධාරීන්ට දිගින් දිගටම බලපෑම් කර තිබේ.

එහෙත් ඇලෝසියස් මහතාගේ පියා ඇතුළු තවත් අයෙක් මෙම සිද්ධියට කිසිඳු සම්බන්ධයක් නැතැයි කියමින් රහස් පොලිස් නිලධාරීන්, මහබැංකු බැඳුම්කර සිද්ධියේ' සැකකරුවන් ලෙස, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කසුන් පළිසේන යන පුද්ගලයින් නම් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පෙබරවාරි 02දා කල ඉල්ලීමට අවසර ලැබිණ.

රහස් පොලිසිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න, මෙම නියෝග නිකුත් කළාය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසූන් පළිසේන යන පුද්ගලයින් මහබැංකු බැඳුම්කර සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කිරීමට අවසර ලබා දුන්නේ එම ඉල්ලීම පිළිගනිමිනි.

 alo kasun 1000px

 ඇලෝසියස් සහ කසුන් පලිසේන සඳුදා තෙක් රිමාන්ඩ්

මේ අතර බැඳුම්කර වංචාවට සැකපිට අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් සඳුදා (05) තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. 

ඔවුන් දෙදෙනා රහස් පොලිස් භාරයට ගනු ලැබුවේ ඉරිදා (04) උදෑසනය. ඉන් පසු රහස් පොලිස් මූලස්ථානයට රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු රහස් පොලිසිය ඊයේ රාත්‍රී ඔවුන් කොටුව මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කළේය.

බැඳුම්කර වංචාවට අදාලව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන සැකකරුවන් බවට නම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා අවසර ලබා දුන්නේය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ ජීවත් වන අතර ලබන 15 වැනිදාට පෙර රහස් පොලිසියේ පෙනී සිටින්නැයි සිංගප්පූරුවේ අන්තර් ජාතික පොලිසිය හරහා මහේන්ද්‍රන් මහතාට නොතීසි යවන ලෙස අධිකරණය නියෝග කළේය.

 සබැඳි පුවත්

CID හාස්‍ය රංගනය සහ සිරස මාධ්‍ය සදාචාරය (වීඩියෝ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න