'ඇලෝසියස්ලා අත්අඩංගුවට ගැනීම හොඳයි' - හර්ෂ

'ඇලෝසියස්ලා අත්අඩංගුවට ගැනීම හොඳයි' - හර්ෂ

අගමැතිවරයා 2016දී නීතිපතිවරයාට වාර්තාව ඉදිරිපත් කරපු අවස්ථාවේ දී ක්‍රියාත්මක වුවා නම් බැදුම්කරය සම්බන්ධයෙන් නඩු හබ අවසන් වී මේ වන විට වරදකරුවන් හිර බත් කන තත්ත්වයකට පැමිණීමට ඉඩ තිබූ බව රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

නියෝජ්‍ය ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ පර්පචුවෙල් ට්‍රෙසරීස් සමාගමේ හිමිකරු සහ එහි ප්‍රධාන විධායක නිලධාරියාව රහස් පොලිසිය විසින් ඊයේ (4) සැකපිට අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමිණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

''රජය ලෙස අප අතිෂයින් සන්තෝෂ වෙනවා මේ කටයුත්ත පරක්කු වී හෝ සිදුවීම සම්බන්ධයෙන්. මොවුන් අධිකරණය ඉදිරියේ වරදකරුවන් වීමෙන් පසු උපරිම දඬුවම් ලබා දිය යුතුයි කියා අප විශ්වාස කරනවා.

මේ වංචාවට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන්ටත් මේ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වෙයි කියා බලාපොරොත්තු වෙනවා.

අගමැතිතුමා 2016 දී නීතිපතිවරයාට වාර්තාව ඉදිරිපත් කරපු අවස්ථාවේ දී ක්‍රියාත්මක වුනා නම් මෙළහකට මේ නඩු හබ ඉවර වෙලා ඔවුන්ට අවශ්‍ය හිර බත් කන තත්ත්වයකට පැමිණෙන්න තිබුණ කියල මම විශ්වාස කරනවා.''

akila 1000px

'අගමැති පර්පෙචුවල් ගිණුම් අත්හිටුවූයේ වසරකටත් කලින්' -අකිල

 මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ, ශ්‍රී ලංකා මහා බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත අත්හිටුවා වසරකට අධික කාලයක් ගත වුවද සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීම සඳහා වසරකට අධික කාලයක් තිස්සේ අදාළ බලධාරීන් කිසිදු පියවරක් නොගත් බවයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට හැකි පසුබිම සකස් කර තිබුණද වසරකට වැඩි කාලයක් ඔහු අත්අඩංගුවට නොගෙන සිට මේ අවස්ථාවේදී ඒ පියවර ගත්තේ පළාත් පාලන මැතිවරණය අරමුණු කරගෙන දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න