බැනාට දුන් තීන්දුවෙන් මහේන්ද්‍රන්ගේ පැමිණීම කල් යයි !

බැනාට දුන් තීන්දුවෙන් මහේන්ද්‍රන්ගේ පැමිණීම කල් යයි !

බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ සැකකරුවෙකු බවට පත්ව සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පළාත් පාලන මැතිවරණයට පෙර ශ්‍රී ලංකාවට නොඑන බව මේවනවිට තහවුරු කර ඇතැයි ඔහුගේ නීතිඥයින් පවසති.

ඔහු විසින් එවැනි තීරණයක් ගෙන ඇත්තේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කරන ලද පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාධ්‍ය සංදර්ශනයක් පවත්වා රිමාන්ඩ් භාරයට පත්කිරීම නිසාය.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලබන 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රාන් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.

එහෙත් මැතිවරණයට පෙර ලංකාවට පැමිණියහොත් ඔහුව ද අත්අඩංගුවට ගෙන ආණ්ඩුවේ ඇතැමුන් දේශපාලන වාසි ලබාගැනීමට ඉඩ ඇති බව ඔහුගේ නීතිඥයින් වැඩිදුරටත් පවසති.

ඇප අයැදුම්පත් සලකා බැලීම 07 දා :

මතභේදාත්මක බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් නැවතත් එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නියෝගය කළාය.

කෙසේවුවද, ඔවුන්ගේ ඇප අයැදුම්පත් සලකා බැලීම ලබන 07 වැනිදා සිදු කිරීමට ද මෙහිදී නියෝග කෙරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (04) පෙරවරුවේ 'සිරස' නාලිකාවේ මාධ්‍යවේදීන් පෙරටුකොට ගෙන පැමිණ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබිය.

 සබැඳි පුවත් :

ඡන්දයට පෙර අර්ජුන් නොඑන හැඩයි !

සේයා - රොෂාන් චතුරංග
{gallery}ALOSIYAS{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න