ඡන්දයට පෙර අර්ජුන් නොඑන හැඩයි !

ඡන්දයට පෙර අර්ජුන් නොඑන හැඩයි !

බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ සැකකරුවෙකු බවට පත්ව සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පළාත් පාලන මැතිවරණයට පෙර ශ්‍රී ලංකාවට නොඑන බව වාර්තාවේ.

මැතිවරණයට පෙර ලංකාවට පැමිණියහොත් ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැමුන් දේශපාලන වාසි ලබාගැනීමට ඉඩ ඇති බැවින් එම තීරණය ගෙන ඇතැයි පැවසේ.

කෙසේවුවද ශ්‍රීලනිප මූලස්ථානයේ අද(03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුයේ, අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ප්‍රධාන වගකීම අගමැතිවරයා සතු වන බවයි.

2015 වර්ෂයේදී මහබැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත් කරන විට ඔහු පිළිබඳව සම්පූර්ණ වගකීම තමා ගන්නා බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව ද ඇමතිවරයා එහිදී සිහිපත් කළේය.

උසාවියට කැඳවන නියෝගයක් :

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලබන 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රාන් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.

දැනට සිංගප්පූරුවේ වාසය කරන්නේ යයි සැලකෙන මහබැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පෙබරවාරි පහළොස් වනදාට ප්‍රථම ශ්‍රී ලංකාවට පැමිණ රහස් පොලිසිය වෙත කට උත්තරයක් ලබාදෙන නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් වසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් විමර්ශනයට සහාය දැක්වීමක් ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඊයේ (02දා) මෙම නියෝගය නිකුත් කළාය.

එම නියෝගයේ ඉංග්‍රීසි පිටපතක් සිංගප්පුරුවේ අන්තර්ජාතික පොලිසිය මගින් මහේන්ද්‍රන් මහතාට ලැබීමට සලස්වන ලෙස ද මහේස්ත්‍රාත්වරිය දැනුම් දී සිටියාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න