අර්ජුන් සහ පලිසේන අත්අඩංගුවට !

අර්ජුන් සහ පලිසේන අත්අඩංගුවට !

දැඩි මතභේදයට තුඩුදී තිබෙන 'මහබැංකු බැඳුම්කර සිද්ධියේ' සැකකරුවන් ලෙස අධිකරණය විසින් නම්කර ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කසුන් පළිසේන යන පුද්ගලයින් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

රහස් පොලිස් කණ්ඩායමක් අද (04) උදැසන සිට අර්ජුන් ඇලෝසියස්ගේ නිවස පිහිටි කොළඹ මල්වත්ත පාරේ සීරුවෙන් තබා තිබිණ.

'මහබැංකු බැඳුම්කර සිද්ධියේ' සැකකරුවන් ලෙස, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කසුන් පළිසේන යන පුද්ගලයින් නම් කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 02දා රහස් පොලීසියට අවසර ලබා දුන්නේය.

රහස් පොලිසිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න, මෙම නියෝග නිකුත් කළාය.

මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම සිදුකර තිබෙන නිර්දේශ මත, රහස් පොලිසිය පරීක්ෂණයක් ආරම්භකර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

එම පරීක්ෂණවල දී අදාළ සිද්ධියට මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පළිසේන යන පුද්ගලයන් සම්බන්ධ බවට සැකකෙරෙන තොරතුරු අනාවරණය වී ඇති බැවින්, ඔවුන් සැකකරුවන් ලෙස නම් කිරීමට ඉඩදෙන මෙන්, රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසූන් පළිසේන යන පුද්ගලයින් මහබැංකු බැඳුම්කර සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කිරීමට අවසර ලබා දුන්නේ එම ඉල්ලීම පිළිගනිමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න