“සීතල ගබඩා පැනල්” යැයි හඳුන්වමින් ආනයනය කළ, දෙහිවල සමාගමකට ප්‍රවාහනය කරමින් තිබූ චීන දුම්වැටි විශාල තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා රේගු මධ්‍යම බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය මෙම දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාත්‍යන්තර හවුල්කරුවන් ගෙන් ලැබුණු තොරතුරු මත පදනම්ව ය.
පැනල් තුළ සඟවා තිබූ සිගරට් විශාල ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර මෙරට ජීවත් වන හෝ සේවය කරන සමහර චීන ජාතිකයන් මෙයට සම්බන්ධ බවට සැක කරන බව රේගුව පවසයි.
චීන සිගරට් කාටුන් පෙට්ටි 18000 ක තිබී දුම්වැටි මිලියන 3.6 ක් මෙලෙස රේගු භාරයට ගෙන ඇත.
මෙම දුම්වැටි අත්අඩංගුවට නොගත්තේ නම්, රුපියල් මිලියන 400 කට වඩා බදු අලාභයක් සිදුවී තිබිය හැකි අතර භාණ්ඩවල වෙළඳපල වටිනාකම රුපියල් මිලියන 450 ඉක්මවන බව රේගුව පැවැසීය.
සිද්ධිය සම්බන්ධයෙන් රේගුව වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
