පොලීසියට වැටුපට අමතරව දින 20 ක විශේෂ සංයුක්ත දීමනාවක් !

පොලීසියට වැටුපට අමතරව දින 20 ක විශේෂ සංයුක්ත දීමනාවක් !

ශ්‍රී ලංකා පොලිස් සේවයට අයත් සියලු නිලධරයන්ට තම වැටුපටඅමතරව මාසිකව දින විස්සක විශේෂ සංයුක්ත දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ වැඩ බලන පොලිස්පතිසී.ඩී. වික්‍රමරත්න අතර මේ සම්බන්ධයෙන් පසුගිය මාස දෙකකට පෙර පැවැතිසාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙම විශේෂ දීමනාව 75000 ක් පමණ වන පොලීසියේ සියලුදෙනාට හිමි වන බව මහා භාණ්ඩාගාරයේ ප්‍රකාශකයෙකු පැවසීය.

පොලිස් නිලධාරීන් නිරතුරුව රාජකාරි නිමිත්තෙන් තම පොලිස්වසමෙන් බැහැරව යාමට සිදුවන අවස්ථාවන්හි ඒ සඳහා සංයුක්ත දීමනා ලබාගැනීම සඳහා වවුචරහා ලියකියවිලි ඉදිරිපත් කළ යුතුව තිබිණ.

එවන් අවස්ථාවක ඇතිවන්නා වූ පරිපාලන වියදම්හා අනෙකුත් ප්‍රායෝගික දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙම සංයුක්ත දීමනාව දින විස්සකවිශේෂ දීමනාවක් ලෙස පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ වැටුප සමඟ මාසිකව ගෙවීමට තීරණය කරඇත.රාජ්‍ය නිලධාරීන්ට දිනකට රු. 350/- , රු. 400/-  හා රු. 500/- වශයෙන් ගෙවන ලද සංයුක්ත දීමනාවමෙම රජය විසින් 2018 වසරේ සිට රු. 700/- , රු. 800/- හා රු. 1000/- ලෙස දෙගුණ කරනලදී.

මේ අතර පොලිස් සේවයේ දීර්ඝ කාලයක් තිස්සේ උසස් වීම්නොමැතිව සිටි 31000 ක් පමණ අයට පොලිස් කොස්තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස්පරීක්ෂක තනතුර දක්වා උසස්වීම් ලබාදීම පසුගියදා ක්‍රියාත්මක කෙරිණි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න