ගෝඨාබය අත්අඩංගුවට ගැනීම වැළක්වූ බව හිටපු අධිකරණ ඇමති පිළිගනී!

ගෝඨාබය අත්අඩංගුවට ගැනීම වැළක්වූ බව හිටපු අධිකරණ ඇමති පිළිගනී!

පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලිස් නිලධාරීන්ට හා අධිකරණ සේවයේ නිලධාරීන්ට බාධා පැමිණවූ බවට හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට ආණ්ඩුව තුළින්ම එල්ලවූ චෝදනා ඔහුගේ මුවින්ම ඊයේ (18) දිනයේදී සනාත විය. 

'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය පළ කිරිම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් දැක්වූ විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ, ගෝඨාබය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම තමන් විසින් වැළක්වූ බවයි.

බරපතල චෝදනා එල්ලවී සිටි ගෝඨාබය රාජපක්ෂ නීතියේ රැහැනින් මුදවා ගැනීමට කටයුතු කරන්නේ, අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එකල දිගින් දිගටම චෝදනා කරන ලදී. 

පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයින්ට නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වන බවට එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීන් විසින් ද විජේදසට චෝදනා එල්ල කළ අතර ඔහුව ඇමති ධූරයෙන් ඉවත් කරන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහට බල කරමින් අභ්‍යන්තර අරගලයක් දියත් කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුව ඉවත් කිරීමට අගමැතිගේ උපදෙස් මත ජනාධීපතිවරයා කටයුතු කරන කළ අතර ආණ්ඩුව සමග ඔහුගේ ගැටුම ආරම්භ වන්නේ එතැන් සිටය.

එජාප පසුපෙළ කී චෝදනා සනාථ වේ !

ඊයේ දින විජේදාස රාජපක්ෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරන බවත් රට වටේම ගොස් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් කටයුතු කරන බවත්ය. 

කෙසේ වුවද පසුගිය ඔක්තෝබර් 26 දින සිදුවූ අගමැතිවරයා මාරු කිරීමේ සිදුවීමේදී පාර්ලිමේන්තුවේ සහය නොලැබූ බලහත්කාරී ආණ්ඩුව තුළද විජේදාස රාජපක්ෂ, මහින්ද රාජපක්ෂට සහය දෙමින් අමාත්‍යධූරයක් ලබා ගන්නා ලදී.

පසුගිය කාලය පුරාවටම විජේදාස රාජපක්ෂගේ ක්‍රියාකලාපයන් විවාදයට තුඩු දුන් අතර පෙර දින අගමැති රනිල් වික්‍රමසිංහට සහය පළ කරන බව කී විජේදාස රාජපක්ෂ ඊට පසු දින කුමන්ත්‍රණකාරී ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට කටයුතු කරන ලදී.

අද දින ඔහුගේ ඉහත කී ප්‍රකාශයෙන්ද පසුගිය කාලයේ ඔහුගේ හැසිරීම තුළින්ද ඔහුට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් ඇතුළු විවිධ පිරිස් විසින් කරනු ලැබූ ‍චෝදනා සත්‍ය බවට පිළිගැනීමට සිදුවේ.

විජේදාස රාජපක්ෂ විසින් ඊයේ පවත්වන ලද මාධ්‍ය හමුවට ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ද එක්ව සිටියේය. 
image 55ef11dc0b(උපුටා ගැනීම - aithiya.lk)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න