Language Switcher

V2025

2006 හා 2014 ගෝඨා වත්කම් දී නෑ !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පසුගිය ආණ්ඩුව සමයේ ඔහු ආරක්ෂක අමාත්‍යාංශ ලේඛම්ධූරය දරණ කාලයේදී නිසි ලෙස සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදී නැති බව අනාවරණය වේ.

මේ බව අනාවරණය වන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිමාසිකම් පනත යටතේ වාර්තාකරු කරන ලද තොරතුරු ඉල්ලීමක් අනුව ජනාධිපති අතිරේක ලේකම් බී.කේ.එස්. රවීන්ද්‍ර ලබාදී ඇති පිළිතුරු අනුවය.එම පිළිතුර අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා 2007 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා ඔහුගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ජනාධිපති ලේකම්වරයාට යොමුකර ඇත.

වත්කම් හා බැරකම් පනතට අදාල පුද්ගලයෙකු ඒ සඳහා සුදුසුකම් ලබන දිනයේ සිට මාස තුනක කාලයක් ඇතුලත එම සුදුසුකම් ලැබූ දිනයට අදාලව වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතුය. ඉන්පසු සෑම වර්ෂයකම මාර්තු 31 දිනට අදාල වත්කම් හා බැරකම් ජුනි මස 30 දිනට පෙර ප්‍රකාශ කළ යුතුය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ධූරයට පත්වන්නේ 2005 වර්ෂයේ නොවැම්බර් මාසයේදී වන අතර ඒ අනුව ඔහු 2006 වර්ෂයේ මාර්තු මාසයට පෙර සිය ප්‍රථම වත්කම් හා බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කර තිබිය යුතුය. එහෙත් ජනාධිපති අතිරේක ලේකම්වරයාගේ පිළිතුරු අනුව පෙනෙන්නේ එම මාස තුනක කාලසීමාවේදී හෝ ජුනි මස 30 දිනට පෙර හෝ 2006 වර්ෂයේදී ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ හැකි බවයි.එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යෘංශයේ ලේකම්ධූරයෙන් ඉවත්වන්නේ 2015 ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වීමෙන් පසුවය.

ඒ අනුව 2014 වර්ෂයේදීත් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ කර තිබිය යුතුය. එහෙත් ජනාධිපති අතිරේක ලේකම්වරයාගේ පිළිතුර අනුව ගෝඨාභය රාජපක්ෂ  මහතා 2014 වර්ෂයේදීත් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ කර නැත.මෙම තොරතුරු ඉල්ලීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත්ද වාර්තාකරු ඉල්ලූ අතර ඊට පිළිතුරු සපයමින් ජනාධිපති අතිරේක ලේකම්වරයා සඳහන් කර ඇත්තේ එකී පිටපත් වත්කම් හා බැරකම් පනතේ ප්‍රතිපාදන යටතේ ඉල්ලුම් කරන ලෙසය අනිද්දා