ප්‍රතිපත්තියක් නැති අය කොහොමද ප්‍රතිපත්ති ප්‍රකාශයක් දාන්නේ - රවී 

ප්‍රතිපත්තියක් නැති අය කොහොමද ප්‍රතිපත්ති ප්‍රකාශයක් දාන්නේ - රවී 

පොහොට්ටු පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගැන කිසිම සදහනක් කරන්නේ නැහැ. ප්‍රතිපත්තියක් නොමැති අය කොහොමද ප්‍රතිපත්ති ප්‍රකාශයක් රටට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම පසුගිය සමයේ ඔවුන් සිදුකල ක්‍රියාවන් ගැන මාධ්‍යයෙන් කරුණු විමසද්දි, ගෝඨාභය මහත්තයා කියනවා අපි පරණ දේවල් අමතක කරලා ඉදිරි ගමනක් යමු කියලා. අතීතය අමතක කරලා කොහොමද අනාගතයක් ගැන හිතන්නේ. මුල අමතක කෙනෙක් කොහොමද රටට යහපත් අනාගතයක් නිර්මාණය කරන්නේ. මේ කතා වලින්ම පැහැදිළි වෙනවා ඔවුන් ආරම්භ කරලා තිබෙන්නේ ඉදිරියක් නොමැති ගමනක් කියලා. අපි කාගෙත් වැරදි ඇති. ප්‍රශ්න ඇති. නමුත් අපි ජනතාවට කියනවා, වළදාලා තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය නැවතත් ස්ථාපිත කරලා රැකගත්තා වගේ, සිදුවූ වැරදි අඩුපාඩු නැවතත් නොවෙන්නට වගබලාගෙන, ඉදිරියේදීත් ජනතාවට බියක් සැකක් නොමැතිව සමගියෙන් සාමයෙන් ජීවත්වීමේ හැකියාවක් ඇතිකරනවා කියලා"යැයි එක්සත් ජාතික පක්ෂ උපනායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, පසුගියදා උතුරු කොළඹ ආසනයේ අළුත් මාවත ප්‍රදේශයේ ගෙයින් ගෙටයාමේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසානයේදී මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමිනි. මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී  කරුණානායක මෙසේද පැවසීය.

"උතුරු කොළඹ ආසනය විවිධ ජාතීන් රාශියක් බොහෝම සමගියෙන් එකට ජීවත් වෙන ආසනයක්.  විවිධ ජාතීන් අතර ඇතිවී තිබෙන සාමය, සහජීවනය  අද අපිට මේ ප්‍රදේශයෙන්ම පැහැදිළිව පෙනෙනවා. අන්තවාදය වපුරන කිහිප දෙනෙක් මේ තත්ත්වය විකෘති කරනවා. අන්න ඒ නිසා තමයි අද අපි ගෙයින් ගෙට ගිහින් මේ සමගිය සනාථ කරන්නේ.

ඇල්පිටිය ඡන්දයෙන්ම පේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට යනවා කියලා කියන කටකතා අසත්‍ය බව. ඔවුන් එහෙම යන්න ඕනනම් මේ වෙද්දි යනවා. නමුත් මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ඡන්දය ලබාදෙන්නේ හංසයාට කියලා මට විශ්වාසයි. අපට අන්තවාදය වපුරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි රටේ කොතන ගියත් කියන්නේ එකම කතාවයි. ඒ තුළින් තමයි අපි සමගිතාවය තහවුරු කරන්නේ. මෙන්න මේක තමයි අපේ ප්‍රතිවිරුධ කණ්ඩායම්වලට බලන් ඉන්න බැරිම දේ. 

ඇල්පිටිය ඡන්දය කියන්නේ ඉතාමත් සුළු ඡන්ද ප්‍රමාණයක් තිබෙන එකක්. ජනාධිපතිවරණය සමග කොහොමද ඒක සංසන්දනය කරන්නේ. දියේ ගහගෙන යන කෙනෙක් පිදුරු ගහක හරි එල්ලෙනවා වගේ, මොකක්ද මේ ඇල්පිටිය චන්දයක් අල්ලගෙන කියවන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මාසේ 21 දා වනවිට ප්‍රකාශයට පත් කරනවා. අපි මහන්සියෙන්, කැපවීමෙන් වැඩකරලා නොවැම්බර් 16 දා අනිවාර්යයෙන්ම විශිෂ්ඨ විජයග්‍රහණයක් ලබාගන්නවා".

{gallery}ravi-k{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න