50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !

50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !

ජනාධිපතිවරණය ජය ගැනීම සදහා 50.1%ලබා ගැනීම කිසිසේත්ම කළ නොහැකි බව මේ වනවිට පොහොට්ටුවෙ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අවබෝධ කොටගෙන සිටී.

ඊයේ (18) මේ පිලිබදව බරපතළ සාකච්ඡාවක් පොහොට්ටුවේ ඉහල පෙළේ කිහිපදෙනෙක් අතර සිදුවී තිබේ.

ඒ සදහා සහභාගි වී ඇත්තේ බැසිල්,මහින්ද,ඩලස්,විමල්, සුසිල් සහ ජී.එල් පීරිස් ය. එස්.බීට එන්න කියා තිබුනත් පසුව ඔහු මේ සාකච්ඡාවට අනවශ්‍ය බව ඩලස් සහ විමල් පවසා තිබේ. 

'මෙ වෙනකොට අපේ නම්බර්ස් හොද නෑ. හිටපු තැනෙ නෙවේ දැන් ඉන්නේ.සෑහෙන්න පහලට වැටිලා.අපේ ඔපරේෂන් එක අප් කරන්න රියල්ස්ටික් ගේම් එමක් ගහන්න වෙනවා.'

බැසිල් එහෙම පවසා තිබේ.ඔහු බිත්තියේ එල්ලා තිබූ තිරයක වැටෙන අනුමාන ප්‍රතිපල සසදමින් මේ බව කියා තිබේ.

විමල් මෙහිදී පවසස් තිබෙන්නේ මෙවැන්නකි.

'අපි කඩා වැටුනෙ ශ්‍රීලංකා එක ආව දවසේ ඉදලා'

විමල්ගේ ඒ ප්‍රකාශයෙන් බැසිල් සහ සුසිල් විමල්ගෙන් විමසා තිබෙන්නේ 'විමල්ට පිස්සුද ?කියාය.

'ඔබතුමාලට තවම තේරෙන්නේ නැත්තම් මම මොනවා කරන්නද.අපි ඇල්පිටිය චන්දෙට යනකොට 80%ට ගන්න හිටියේ.12%අරගෙන ශ්‍රීලංකා කාරයෝ අපි එක්ක නෑ කියලා ඔප්පු කළා.උන් කොහොමත් දෙන්නේ සජිත්ට.ඒවා කපාපු ශ්‍රීලංකා.අනික,අපේ ස්ටේජ් වලට නගින ශ්‍රීලංකා කාරයොන්ට හූ කියන්නේ අපේ අයම තමා.ඒ අයට ශ්‍රීලංකා අය පේන්න බෑ.අපි ජෝක් වෙනවා වෙන අය පටලවලා.අනික එස්.බීගෙ කතා අපිට ලොකු ඩැමේජ් එකක්'
විමල්ගේ කතාවෙන් සුසිල් පරල විය.

'විමල්,එහෙනම් අපිත් ශ්‍රීලංකානේ.අනික එස්.බී කව්ද ඔයා කව්ද ?එස්.බී කියන්නේ 88ඉදලා දේශපාලනයේ කරන කෙනෙක්.ඉස්සර චන්ද මැසිමක්.ඔයත් පණ්ඩිතකම් කියන එක නවත්වන්න.ගිය සැරේ මහින්ද පරදින්නේ ඔයාලගේ ප්‍රාතමික කතා නිසා'

සුසිල් එහෙම් කියද්දී බැසිල් පවසා තිබෙන්නේ 'මේ නිෂ්පල කතා වලට වෙලාවක් නොවන බවයි'.

'අලුත් චන්ද අල්ලන වැඩේට අපි ලොකූ කැම්පේන් එකක් කළා.මිලින්දලා ඒක භාර ගත්තේ.නමුත් කිසිම ඉෆෙක්ට් එකක් නෑ.ෆේල්." ඩලස් පවසා තිබේ.

"හැමෝම දෙවෙනි මනාපේ ගැන වෙනම කැම්පේන් එකක් යවන්න.සජිත් ට්‍රැක්ටිකලි ගේම් එකක් ගහනවා.මීටින් 151දුවනවා.ඒක අපි ෆේල් .අනික අපේ ප්‍රෙස් එක තමයි වෙච්ච ලොකුම ඩැමේජ් එක'

බැසිල් පවසා ඇත්තේ විමල් එස්බී ට කීදේ මායිම්  නොකරය.

සියල්ල අසා සිටි මහින්ද මෙසේ කියා ඇත .

'තව දවස්  විසි පහයි.බලාගෙන ඉන්නේ ගිය වතාවේ ප්‍රතිඵල ගන්නනම් ඔහොමම ඉමු.දිනන්න ඕන නම් හරියට කරනවලා.අනුරලා දෙවෙනි මනාපේ අපිට දෙන්නේ නෑ. මහේෂ්ව ටාගට් කරන්න.අර පල්ලේවත්තයවත් බලන්න'එසේ කියා මහින්ද මොහොතක් නොරැදී නැගිට ගොස් තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න