විශ්‍රාමික හමුදා 'ගොට්ටන්ට' කට පියාගෙන ඉන්නැයි මහින්දගෙන් නියෝගයක් !

විශ්‍රාමික හමුදා 'ගොට්ටන්ට' කට පියාගෙන ඉන්නැයි මහින්දගෙන් නියෝගයක් !

ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය දක්වන විශ්‍රාමික හමුදා ප්‍රධානීන්ට ජනාධිපතිවරණය නිමවනතෙක් නිහඬව කටයුතු කරන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් දැනුම් දීමක් කර ඇත. 

එවැනි ඉල්ලීමක් කර ඇත්තේ පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ඉල්ලීම මතය. එවැනි හමුදා පිරිස් විසින් පසුගිය සමයේ කල කී දෑවලින් සිවිල් සමාජය හා මාධ්‍ය පාන්තික ප්‍රජාව බියට පත්ව සිටී බව බැසිල් රාජපක්ෂ විසින් විපක්ෂ නායකවරයාට පැහැදිලිකර දී තිබේ.

එක්සත් වාමාංශික පෙරමුණේ ජාතික සංවිධායක ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, 'රාවය' පුවත්පත සමග කළ සාකච්ජාවක දී ඒ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කර තිබේ.

''මේ දවස්වල අන්තවාදීන්ට කට වහගෙන ඉන්න කියලා තියෙනවා. මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ මේජර් ජනරාල් කමල් ගුණරත්න, සරත් වීරසේකරලා ඒ දවස්වල වගේ අන්තවාදී ප්‍රකාශ කරන්නේ නැහැ දැන්. ඒක හොඳට පේනවා. ඒක මැතිවරණ උපක්‍රමයක්. කිසිම සැකයක් තියාගන්න එපා.

 නමුත් වෙනසක් ඇති වුණොත් ඔය කියන අය තමයි ඉදිරියෙන්ම ඉන්නේ. දැනටමත් කියලා තියෙනවා මේජර් ජනරාල් කමල් ගුණරත්නට ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලයක් ලැබෙයි කියලා. එයා තමයි කිව්වේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සහාය දෙන අය මරන්න ඕනේ කියලා. ඔහු ඒක ප්‍රසිද්ධියේ කිව්වේ ගිය අවුරුද්දේ වියත් මග සම්මේලනයේදී, ගෝඨාභය රාජපක්ෂ මහතා ඉස්සරහ තියාගෙන.

ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඉදිරිපත් වෙලා කියන්න තිබුණා, නැහැ එහෙම කරන්න දෙන්න බැහැ කියලා.

ඒ වගේම සරත් වීරසේකර කිව්වා ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන අය නඩු අසා එල්ලා මරා දැමිය යුතුයි කියලා. ඔවුන් දේශද්‍රෝහීන් කියලා. ඔහු නම් අඩුම ගානේ කිව්වා නඩු අහන්නවත් ඕනේ කියලා. මෙවැනි ප්‍රකාශවලින් තේරෙන්නේ ඔවුන්ගේ මානසිකත්වය කුමක්ද යන්නයි. 

එවැනි තර්ජනයක් තිබෙන ලොවක තමයි අපි ඉන්නේ. එම නිසා තමයි ෆැසිස්ට් මාදිලිය, පරාජය කිරීමට අපි කටයුතු කරන්නේ.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න