රතු තරුව ජනබලයේ  සහයත් සජිත්ට !

රතු තරුව ජනබලයේ  සහයත් සජිත්ට !

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වු, එම පක්ෂයේ සමාජිකයින්ගෙන් සමන්විත රතු තරු ජනබලය සංවිධානයේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාසට සහය දැක්වීමට එක්ව තිබේ.

ඒ වෙනුවෙන් වූ විශේෂ හමුවක් ඊයේ (22) කොළඹ මහජන  පුස්තකාලයේදී පැවතියේය.

මෙම අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී අන්ජාන් උම්මා සමඟ වයඹ, උතුරු මැද පළාත් සභාවල ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රිවරු ‍දෙදනකු හා බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයෙක් එක්ව සිටීමද විශේෂත්වයකි.

රතු තරු ජනබලය සංවිධානයේ සාමාජිකයන් 400 කට අධික පිරිසක්  සහභාගීවූ අතර ඔවුන් මෙවර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සක්‍රීයව කටයුතු කරන බවත් අවධාරණය විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මෙන්ම අමාත්‍ය පාඨලී චම්පික රණවකද මෙම විශේෂ හමුවට එක්ව සිටියහ.

000A3865

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න