Language Switcher

V2025

මැතිවරණ නීති පොහොට්ටුව හමුවේ යළිත් නැවෙයි : රූපවාහිනිය ගැස්සෙයි !

පළමු අවස්ථාවේ මැතිවරණ නීතියට අනුකූල වූ රූපවාහිනී සංස්ථාවේ බඳවාගැනීම් දෙකක් දින කිහිපයකින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට පත්වීමේ අපබ්‍රන්සයක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

ලැබී ඇති තොරතුරුවලට අනුව එම පුවත මෙසේය. 

2019-10-18  වනදා මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමුකරමින් ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී අවසර ඉල්ලා ඇත්තේ අත්‍යාවශ්‍ය රාජකාරි කටයුත්තක් ලෙස සළකා  ප්‍රවෘත්ති ආවරණය සඳහා සේවා පැවරුම් පදනම මත ජාතික රූපවාහිනියට  නිෂ්පාදන සහකාර තනතුරු දෙකක් සඳහා බඳවාගැනීමක් සිදුකිරීමටය. එහිදී අදාළ දෙනෙනා දෛනික ගෙවීම් පදනමින් අනියුක්ත කිරීමට අපේක්ෂිත බවද දන්වා ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් ජාතික මැතිවරණ කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති හා විමර්ශන ) පී.බී.සී. කුලරත්න ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිනිය වෙත ලිඛිතව දන්වා ඇත්තේ දෛනික වැටුප් ගෙවීමේ පදනම මත අත්‍යාවශ්‍ය රාජකාරී කටයුත්තක්වීමත් බැවින් එකී බඳවාගැනීම සම්බන්ධව මැතිවරණ කොමිසමේ විරුද්ධත්වයක් නොමැති බවය. ඒ බව වූ ලිඛිත දැනුම්දීම 2019-10-19 වනදා සිදුකර ඇත.

එහෙත් 2019-10-25 වනදා නැවත ජාතික මැතිවරණ කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති හා විමර්ශන ) පී.බී.සී. කුලරත්න ලිඛිතව ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිනිය වෙත දන්වා ඇත්තේ අදාළ බඳවා ගැනීම් 2019-11-16 වනදායින් පසුව සිදුකරන ලෙසය.

මෙහි ඇති හාස්‍ය දනවන සිදුවීම වන්නේ පළමු ලිපියේ අදාළ බඳවා ගැනීම් සඳහා වලංගු වූ හේතු කිසිවක් අදාළ නොකරගෙන දෙවන ලිපිය නිකුත්කර තිබීමය.

මේ සම්බන්ධව ලැබෙන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ජාතික රූපවාහිනියේ සිටින පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් ගොනුකළ පෙත්සමක් අනුව මේ හදිසි වෙනස්වීම සිදුව ඇති බවය. එසේම පෞද්ගලික මාධ්‍ය මැතිවරණයට අදාළ උපමාන අමුඅමුවේ උල්ලංඝනය කරන අතර තුර සහ පොදුජන පෙරමුණේ අපේක්ෂක හමුදාපතිගේ නිල ඇඳුමින් ඇති ජායාරූප පවා යොදාගෙන දැන්වීම් පලකරන විට ඒ ගැන ලිහිල් ප්‍රතිපත්තියක සිටින මැතිවරණ කොමිසමේ මේ අපක්ෂපාතීත්වය ගැන බරපතල සැකසංකා මතුකරන බවය.