විජිතගේ චෝදනාව ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි !

විජිතගේ චෝදනාව ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි !

ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් පෞද්ගලික පරිහරණයට රුපියල් කෝටි 800ක මුදලක් වෙන් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී  විජිත හේරත් නගන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය හා පදනම් විරහිත බවත් එය තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති කාර්යාලය පවසයි.

පාර්ලිමේන්තුවේ අතුරු සම්මත ගිණුමක් මගින් ජනාධිපතිවරයා වෙනුවෙන් තවත් රුපියල් කෝටි 240ක් ද වෙන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී  විජිත හේරත් චෝදනා කර සිටියේ  පසුගියදා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලය මෙම නිවේදනය නිකුත්කර ඇත.

ධුරය දැරූ හෝ දරන කිසිඳු ජනාධිපතිවරයෙකුට පෞද්ගලික පරිහරණය සඳහා මුදල් වෙන් නොවන බවත් එම මුදල් වෙන්වන්නේ ජනාධිපති කාර්යාලයට බවත් ජනපති කාර්යාලය නිකත් කළ එම නිවේදනයේ සඳහන් වෙයි.

වත්මන් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයෙන් අති විශාල මුදල් ප‍්‍රමාණයක් වෙන් කෙරුණේ දැනට ක්‍රියාත්මක වන ජනාධිපති කාර්යසාධන බළකායන් සහ අනෙකුත් සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් බවද සඳහන් කරන එම නිවේදනය ඒ අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික පරිභෝජනයට කිසිඳු ලෙසකින් මුදල් වෙන් කර නොමැති බවත් එවැනි ද්වේශ සහගත චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න