ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් කන්තලේ නගරයේ පැවති ජන රැළියකදී ශ්‍රීලනිප ත්‍රීකුණාමල දිස්ත්‍රික් නායිකා, නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමැතිවරියක වන ආරියවතී ගලප්පත්තිට හු තබා ඇතැයි වාර්තාවේ.
හූ තැබීම හමුවේ සිය කතාව අතර මගදී නතර කර දැමීමට ඇයට සිදුවී ඇත. පසුව හු තැබීම අවසන් වූ පසු නැවත කතාවට ආරාධනා කළද ඇය එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබේ.
මෙසේ 'පොහොට්ටු' රැස්වීම්වලට සහභාගිවන ශ්‍රීලනිප නායකයින්ට 'හූ' කියමින් දිගින් දිගටම පරිභව කිරීම නිසා, ගෝඨාබය රාජපක්ෂට සහය දැක්වීම සඳහා 'පොහොට්ටු' වේදිකාවට ගොඩ නොවීමට මේවනවිට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

