ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවවාදාත්මක නිවේදනයක් !

ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවවාදාත්මක නිවේදනයක් !

සක්‍රීය සේවයේ යෙදී සිටින හෝ විශ්‍රාම ලබා ඇති ආරක්ෂක හමුදා සාමාජිකයන්/ පොලිස් නිලධාරීන් ස්වකීය නිල ඇඳුමෙන් සැරසී සිටින ඡායාරූප ප්‍රසිද්ධ කරමින් දේශපාලන ප්‍රචාරක කටයුතුවල යෙදීම සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේම සක්‍රීය සේවයේ සිටින කිසිම ආරක්ෂක අංශ සාමාජිකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම හැර වෙනස් කිසිඳු දේශපාලන ක්‍රියාවලියකට නිරතවීමේ අයිතියක් නොමැති බවත් අමාත්‍යාංශය පවසයි.

සක්‍රීය සේවයේ සිටින ආරක්ෂක අංශ සාමාජිකයෙන් කිසියම් දේශපාලන පක්ෂ හෝ අපේක්ෂක ප්‍රවර්ධනය කාර්යයෙහි නිරත වී හා එසේ කිරීම සඳහා ස්වකීය ප්‍රකාශ හා ඡායාරූප භාවිත කිරීමට ඉඩ දීමද දඬුවම් ලැබිය හැකි මෙන්ම දඬුවම් ලැබිය යුතු වරදක් බවත් අමාත්‍යාංශය පවසයි.

එසේම නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා යුධ, නාවික, ගුවන් හමුදා සාමාජිකයන්/ පොලිස් නිලධාරීන් අපක්ෂපාතීව ක්‍රියා කළ යුතු බවත් ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න