රජයේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට සහාය පිණිස ජාතික ලොතරැයි මණ්ඩලය විසින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය නමින් නව ලොතරැයි පතක් අද දින (30) දියත් කරන ලදී.
සතියේ බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනුම් අදින , ප්‍රථම ත්‍යාගය වශයෙන් රුපියල් කෝටි 8 ක් ප්‍රදානය කරන මෙම ලොතරැයියේ මංගල ලොතරැයිපත අද දින (30) ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දර්ශන විජේසිරිවර්ධන මහතා විසින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත මුදල් අමාත්‍යාංශයේදී පිළිගැන්විණි.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය ලොතරැයිපත් අලෙවියෙන් ලැබෙන ආදායම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය වෙත බැරකරනු ලැබේ.
මෙම අවස්ථාවට, ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු ඇතුළු පිරිසක් සහභාගී වූහ.{gallery}nlb-dananidana{/gallery}{gallery}nlb-dananidana{/gallery}

