අපි සීරුවෙන් තේමා ගීතයත් රාජපක්‍ෂලා උස්සලා !

අපි සීරුවෙන් තේමා ගීතයත් රාජපක්‍ෂලා උස්සලා !

අනුන්ගේ දේ හොරෙන් හෝ ඩැහැගැනීමට කුප්‍රකට රාජපක්ෂ කඳවුර සිදුකළ තවත් බුද්ධිමය දේපළ සොරා ගැනීමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

ඒ තරුණ  ඡන්ද පදනම (YVF) විසින් 'අපි සීරුවෙන්' නමින් සමාජ මාධ්‍යවෙත මුදාහැර තිබු ගීතයක්, කිසිඳු අවසරයකින් හෝ අවසරයකින් තොරව ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ රූපරාමු එක් කරමින් යළි සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කරමින්ය.

1306a500 870d 49bc 9dad 73058089c12f

5915738f eea4 4f3b 8cb2 1056cdf67fba

25a740fb 9f88 4af8 bf2a 84aec196b4d9

කෙසේ වුවත් මේ වන විට එම ගීතය 'යු ටියුබ්' වෙතින් වාරණයට ලක්කර ඇති අතර ඒ, තරැණ ඡන්ද පදනම (YVF)  විසින් කළ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමිනි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු මහිල් බණ්ඩාර ඇතුළු තරුණ තරුණියන් පිරිසක් විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමටත් පෙර සිටම 'තරැණ ඡන්ද පදනම' (YVF)  නමින් සංවිධානයක් ප්‍රකාශයට පත්කරමින් 'අපි සීරුවෙන්' නමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල මතවාදයක් ඉදිරිපත් කරමින් සිටියි.

 ඔවුන් විසින් මිට දින කිහිපයකට පෙරදී ජනාධිපතිවරණය වෙනුවෙන් 'අපි සීරුවෙන්' නමින් යුතුව මෙම  තේමා ගීතය ද සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු අතර ඉන් දින කිහිපයකට පසු ඊට ගෝඨාබය රාජපක්ෂගේ මාධ්‍ය ඒකකයක් විසින් එම ගීතයේ රූපරාමු සංස්කරණය කර සමාජ මාධ්‍යවෙත මුදාහැර තිබිණ.

ගෝඨා පාර්ශවය උස්සපු අපි සීරුවෙන් ගීතය මෙන්න !

බුද්ධිමය දේපොල සොරකම ගැන අපි සීරැවෙන් !

 මෙම බුද්ධිමය දේපල මංකොල්ලය ගැන අදහස් දක්වමින් තරැණ ඡන්ද පදනම විසින් අද (30)  නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි මෙසේ සදහන් වෙයි.

තරැණ ඡන්ද පදනම (YVF) වන අප විසින් නිර්මාණය කළ තේමා ගීතය, ගෝඨාබය රාජපක්ෂ විසින් සොරකම් කොට තමන්ගේ තේමා ගීතය ලෙසින්, සමාජ ජාල තුළ ප්‍රචාරය කිරීම අපි හෙලා දකිමු.

ඔවුන්ගේ දේශපාලනයේ සහ නිර්මාණශීලීත්වයේ බංකොලොත්භාවය මේ සිදුවීමෙන් ඉතා පැහැදැලි වේ.

තේමා ගීයෙන් අපි කියා සිටියේ,

මේ ශ්‍රී ලංකාව බිමක් නොව, අපේ අම්මා වන බවය.

අපට කලින් පරම්පරාවල් කෙසේ වුවත්,

අපි ඈ තුළ ඉපදුනේ ඇයව නසන්නට නොවන බවය.

දේශ ප්‍රේමයේ නාමයෙන් එන මුසාවද ගැන අපි සීරැවෙන් සිටින බවය.

මේ රටට ආදරෙයි ආදරෙයි කියමින් මේ රටේ දරැවන් කොටවා,

එකිනෙකා මරා ගන්නට හැර එයින් දේශපාලන වාසි ගැනීම ගැන අපි සවිඥාණික විය යුතු බවය.

අපි අතීතෙන් ඉගෙන ගත යුතු බවය.

අනාගත ඉඟි තේරැම්ගෙන සීරැවෙන් සිටිය යුතු බවය.

ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන ලේ පිපාසිත දේශපාලන බලවේග,

අහිංසක මිනිසුන්ගේ ගැලවුම්කාරයින් ගෙස පෙනී සිටින මෙවන් අසීරැම මොහොතක

අපි සීරැවෙන් සිටිම අත්‍යාවශය වන බවය.

මේ අම්මගේ දරැවෝ වෙලා ඇගේම දරැවෝ නසන්නට අපි සූදානම් නැති බවය.

අපේ අත්වල ලේ ගැවෙන පාපෙයන් අත්මිදෙන්නට අපි සීරැවෙන් සිටිය යුත් බවය.

ඔහුට එරෙහිව ඇති දහසකුත් එකක් දූෂණ සහ සොරකම්  චෝදනා පිළිබඳව අප නොදන්නෙමු.

 නමුත්, තරැණ ඡන්ද පදනම ලෙසින් කලක සිට ඉතා සීරැවෙන් සංවිධානය වෙමින් සිටි අප,

මේ රටේ සහ ලොව වටා සිටින ශ්‍රී ලංකා මවගේ තරැණ දරැවන් එක් වී,
අපේ නිර්මාණශීලීත්වය, තාක්ෂණය, ආර්ථිකය එකතු කොට ඉතා වෙහෙස මහන්සියෙන් නිර්මාණය කළ මේ ගීතය,

අපේ අරමුණ පැහැදිලි කරන ආත්මය ලෙස සළකන අපේ තේමා ගීතය සොරකම් කිරීමෙන්,

අප ඔහුගේ හැටි සක්සුදක්සේ දැන ගතිමු.

ඔහුව ප්‍රතික්ෂෆ්ප කරන්නට අපට මේ සාක්ෂිය ප්‍රමාණවත්ය.

බලයට එන්නට පෙර තරැණ පොඩි එවුන් එකතු වී කළ නිර්මාණයක් සොරාගෙන තම ප්‍රතිරෑපය නංවාගැනීමට සහ ඡන්ද කඩා ගැනීමට පොරකන ඔවුන් බලයට පැමිණි පසු කුමක් නොකරයිද? ඒ ගැන අපි සීරැවෙන් සිටින්නෙමු.

ඊට වඩා කණගාටුව දනවන කරැණක් ඇත. එනම්, අපේ ගීතය සොරාගෙන තමන්ගේ තේමා ගීතය ලෙස ප්‍රචාරය කිරීමේ අරමුණයි.

ගෝඨාභය රාජපක්ෂ මේ රවටන්නේ, තමන්ව විශ්වාස කර සිටින ජනතාවයි.

තමන්ව විශ්වාස කර කඩේ යමින් සිටින අහිංසකයින්ව රැවටීමයි.

ඒ බවට සාක්ෂිය මේ ගෝටාගේ යැයි සිතා මේ ගීය සමාජ ජාල තුළ share කරගත් පිරිසයි.

ඔවුන් ගැන අප කණගාටු වන්නෙමු. ඔබ ඇන්දී ඇති බව මතක් කර දීමට අප කැමැත්තෙමු.

විනය ගරැක රටක් හදන්නට එන ඔබේ අපේක්ෂකයාට පුංචි විනයක්වත් නැති බව පෙන්වාදීමට අප කැමැත්තෙමු.

ගෝඨාබය රාජපක්ෂ, මේ සොරකම ගැන දැන සිටින්නට පුලුවන.  එහෙනම් ඔහු බංකොලොත් සොරෙකි.

ගෝඨාබය රාජපක්ෂ, මේ සොරකම දැක දැක නොදැක්කා සේ සිටින්නට පුලුවන. එහෙනම් ඔහු දෙබිඩි ගේම්කාරයෙකි.

ගෝඨාබය රාපක්ෂ, මේ සොරකම ගැන හාංකවිසියක්වත් නොදැන සිටින්නට පුලුවන,

එහෙනම් ඔහු කියන තරම් වැඩ කාරයෙක් හෝ දක්ෂයෙක් හෝ සවිඥාණික නායකයෙක් නොව,බොරැ කයිවාරැකාරයෙකි.

මේ බුද්ධිමය දේපල මංකොල්ලය අපි තරයේ හෙලා දකින අතර, ඒ ගැන අපි සීරැවෙන් කටයුතු කරන බව දැනුම් දීමට කැමැත්තෙමු.

මෙයට අනුන්ගේ වෙහෙස මහන්සිය සොකරම් නොකරන,

(තරැණ ඡන්ද පදනම)

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න