සජිත් ජනාධිපති වන බවට රනිල්ගෙන් සහතිකයක් !

සජිත් ජනාධිපති වන බවට රනිල්ගෙන් සහතිකයක් !

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජනාධිපති වු පසු එම රජයේ අගමැතිවරයා වන්නේද තමන් බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අද (30) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍යහමුවකදි අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම සඳහාය.

එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළට ද අගමැතිවරයා ලෙස තමන් නායකත්වය දෙන බවයි.

2015 පැවති මහ මැතිවරණයේ ප්‍රතිපලවලට අනුව බහුතර ජනවරමින් අගමැති ධුරයට පත් වුයේ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහයි.

ලබන නොවැම්බර් මස 16 දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රතිපල අනුව කවරකු ජනග්‍රහණය කලද 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර මන්ත්‍රී සහයක් නොමැතිව  ලබන වසරේ (2020) මාර්තුවලට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිට බලයක් නොමැත. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න