පාස්කු ප්‍රහාර පිළිබඳ වාර්තාව ඒකපාර්ශ්වීය වාර්තාවක් බව කියමින් ජනපති වාර්තාව ප්‍රතික්ෂේප කර ඇත.
පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබාදුන් වාර්තාව ඒකපාර්ශ්වීය වාර්තාවක් බවත්, එය දේශපාලන වශයෙන් ඉදිරිපත් කරන ලද ද්වේෂ සහගත ලියැවිල්ලක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත.
ඊයේ (29දා) රැස්වූ කැබිනට් රැස්වීමේදී තේරීම් කාරක සභා වාර්තාව සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කර ඇති ජනාධිපතිවරයා එම වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
අදාළ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සාකච්ඡා කිරීම පමණක් සිදුකළ බවත්, එය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ වාර්තාවක් ලෙස කිසිලෙසකින් හෝ නොසලකන ලෙසත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

