සැබෑ ඇමරිකානු මර උගුල : නන්දසේන රාජපක්‍ෂයි - පාඨලී 

සැබෑ ඇමරිකානු මර උගුල : නන්දසේන රාජපක්‍ෂයි - පාඨලී 

ඇමරිකාව සමගින් ගිවිසුම්වලට එළඹ රට ඇමරිකාවේ මර උගුලක් බවට පත් කර ඇතැයි රාජපක්ෂ පාර්ශවය විසින් සඳහන් කළද, එය එසේ නොවන බවත්, ඇමරිකාව සම්බන්ධ කිසිදු ගිවිසුමකට ගෝඨාභය රාජපක්ෂ හට කිසිවක් කළ නොහැකි බව  අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේකොලොන්නාව ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්‍ ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

”අපි ගිවිසුම් තුනක් ඇමරිකාව සමග අත්සන් කර තිබෙනවලූ, ඇමරිකන් මර උගුලක් ඇති කරලා තියනවා කියලා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස සඳහන් කරනවා. අපි ඇමරිකාව සමග එවැනි ගිවිසුමක් අත්සන් කර  ඇත්නම්, ඇමරිකාවේ පුරවැසියන් වන මහින්ද රාජපක්ෂ මහතාගේ  සහෝදර බැසිල් රාජපක්ෂ, ඇමරිකාවේ පුරවැසි ඩඞ්ලි රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ගේ නාමයෙන් ගිවිසුම අහෝසි කරනවා යැයි සඳහන් කරන්න කියා මම මහින්ද රාජපක්ෂට අභියෝග කරනවා. ඔහුට එසේ කරන්න හැකියාවක් නැහැ. එම්.සි.සී ගිවිසුම කියන්නේ ඩොලර් මිලියන 480 ක් අපට නොමිලේ ලැබෙනවා. එය ලැබෙන්නේ මේ රටේ බස්රථ සේවය විධිමත් කරන්න. නිවසේ තිබෙන පරිගනකයෙන් මේ රටේ සියලූ බස්රථ, දුම්රිය ඌබර් සේවය මෙන්  විධිමත් කරන වැඩපිළිවලක් එමගින් ක‍්‍රියාත්මක වෙන්නේ ඇමරිකාව නෙමෙයි.  එක රටකටවත් අපි යට වෙන්නේ නැහැ. ඇමරිකාවේ මරඋගුල එය නෙමෙයි. ඇමරිකාවේ මර උගුල නන්දසේන ගෝඨාභය රාජපක්ෂ.

මහින්ද රාජපක්ෂ මහත්තයා සඳහන් කරනවා එක බිම් අඟලක් විදේශිකයින්ට දෙන්නේ නැහැ කියා. ශ‍්‍රී ලංකාවේ යුද හමුදාවේ මුලස්ථානයේ අක්කර 10 ක් අත යටින් දුන්නේ විදේශිකයින්ට ලබා දුන්නා. ඊට යාබද ඉඩම ඉන්දියාවට  ලබා දුන්නා. කොම්පඥ්ඤවීදියේ  අක්කර 8ක් නොමිලේ විදේශ රටවලට  දුන්නා. වරාය නගරයේ අක්කර පනහක් සින්නක්කරව ලියලා දෙන්න ගිවිසුම ගැහුවා. දැන් අපි ඒ අක්කර දහසම නාගරික සංවර්ධන අධිකාරිය යටතට අරගෙන තිබෙනවා. එක බිම් අඟලක් විදේශිකයින්ට නොදී, මේ රටේ පවුල් පනස් පන් ලක්ෂයකටම ඒ ඉඩම උරුම කර දුන්නා.

රාජපක්ෂලා සේ  හොර රහසේ ඉඩම් විකුණා. ඒ මුදලින් තමන්ගේ දරු පවුල් ගොඩනගන්න, පිටරට ඉඩම් ගන්න, මේ ආණ්ඩුව වැඩකරලා නැහැ. රාජපක්ෂලා විසින් හමුදා මුලස්ථානයේ ඉඩම විකුණා තංගල්ලේ බේ හෝටලය ගත්තා. හමුදා මුලස්ථානය හදන කොට ඒ මුදල් ගසා කා බැසිල් මහත්තයා මල්වානේ ඉඩම ගත්තා. බැසිල් මහත්තයා මාතර බ‍්‍රවුන්ස් හිල් එක ගත්තා. ගෝඨාභය මහත්තයාගේ ලොස් ඇන්ජලිස් වලව්වත් අරගෙන තිබෙන්නේ නාවික හමුදාවේන් ගසා කෑ මුදල් වලින් කියලා දැන්  ඔප්පුවෙලා තිබෙනවා. නමුත් ඔවුන් අද රණවිරුවන් ගැන කතා කරන්නේ.ලබන 16 වනදා  සජිත් පේ‍්‍රමදාස මහතා ජයග‍්‍රහණය  ලබාගත් පසු ආණ්ඩුවේ දුර්වලතාවයන් මගහරවා ගන්න අලූත් පාරක් හැදෙනවා. ලබන මාර්තු මාසේ පාර්ලිමේන්තුව විසුරවා, අපි නව ආණ්ඩුවක් පිහිටවනවා. පලාත් සභා මැතිවරණ ක‍්‍රමය වෙනස් කර පලාත් සභාමැතිවරණය පවත්වනවා. ඒ තුළින් 2025 වන තුරු මැතිවරණ නොමැතිව රට ඉදිරියට ගෙන යා හැකි තනි ආණ්ඩුවක් හදනවා”යැයි පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න