රාජපක්ෂ සමයේ මාධ්‍ය නිදහස මෙන්න : අනේ හිරු - බොරු එපා !

රාජපක්ෂ සමයේ මාධ්‍ය නිදහස මෙන්න : අනේ හිරු - බොරු එපා !

රාජපක්ෂ රෙජීම පාලන සමයේ ජනාධිපති මහින්දගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස සිටි කුමාරසිරි හෙට්ටිගේ එෆ්.එම් නාලිකාවක මාධ්‍යවේදියකු වෙත තර්ජනය කරන දුරකථන සංවාදයක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

මේ වන විට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස කටයුතු කරන්නේ ද මේ කුමාරසිරි හෙට්ටිගේ ය.

මාධ්‍යවේදීන් වෙත මාරාන්තික ලෙස ප්‍රහාර එල්ල කළ , අතුරුදහන් කල, ඝාතනය කල රාජපක්ෂ රෙජීම පාලන සමයේ නිලධාරී කල්ලියේ හැසිරීම ඊට නොදෙවෙනි බවට මේ සංවාදය සාක්ෂි දරයි.

අදාල දුරකථන සංවාදය පහත දැක්වෙයි.

 හලෝ කුමාරසිරි හෙට්ටිගේ මහත්තයාද?

හලෝ කවුද?

හලෝ කුමාරසිරි හෙට්ටිගේ මහත්තයාද?

කවුද කතාකරන්නේ ?

මම  කතාකරන්නේ ...... රේඩියෝ එකෙන් කතා කරන්නේ !

ඔව් මල්ලි!

ඔබතුමාට කතා කරේ  පොඩි කාරණාවක් දැනගන්න. මාතර පිටබැද්දර දෙහිගස්ප  ඩඩ්ලි සේනානායක මහා විදුහලේ ප්‍රශ්නයකට ඔබතුමා මැදිහත් වුණාද ඒක නිරාකරණය කරන්න?

මොකේද?

මාතර පිටබැද්දර දෙහිගස්ප  ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලය

මොකෙන්ද ඔය කතාකරන්නේ?

......එෆ් රේඩියෝ එකෙන්

ඒකේ චෙයාමන් අපේ සේනාරත්න නේද?

එයාට මට කෝල් එකක් ගන්න කියන්නහරි බොහොම ස්තූතියි. හරි ඔ්කේ.දැන් ගන්න කියන්න
(දුරකතනය වාදනය වෙයි)

ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු  ලේකම් හෙට්ටිගේ කතා කරන්නේ. උදේ කතාකරේ  තමුන්ද මට?

ඔව්. ඔබතුමාට මම තමයි කතා කරේ.

ඔව් මොකක්ද ප්‍රශ්නය ?

මට දැනගැනීමට අවශ්‍යතාවය තියෙන්නේ ඔබතුමා මාතර පිටබැද්දර දෙහිගස්ප  ඩඩ්ලි සේනානායක මහා විදුහලේ විදුහල්පති ?

ඔයාගේ නම මොකක්ද? කොච්චර කල්ද මාධ්‍යයට ඇවිල්ලා?

ඔබතුමාට ඒවා අවශ්‍ය වෙන්නේ නැහැනේ "

පකයා ගහනවා හුත්තිගේ පුතා පකයාඔබතුමා එහෙම කතා කරන්න එපාගහනවා පරයා...

ඇයි ඔබතුමා මට තර්ජනය කරනවාද?

උබ දන්නේ නැහැ මම කවුද කියලා වේසිගේ පුතාඔබතුමා දැන් මොකක්ද කියන්නේ ?

මගෙන් අහගන්න එපා. පොඩ්ඩක් ඉන්නවා තමුසෙගේ චෙයාමන්ට ගන්න

හලෝ හලෝ  හලෝ හලෝ
(අර නිහාල් සේනාරත්නට ගන්න කෝල් එකක්)

හලෝ හලෝ

තමුන් ලයින් එකේ ඉන්නවාහරි මම ඉන්නම්

දැන් මම තමුන්ට කිව්වා නේද උදේ මොකක් හරි කරන්න ඔ්නේ කියලා

නැහැ ඔබතුමා මට කියලා වැඩක් නැහැනේ ඒකපොඩ්ඩක් ඉන්නවා ඉන්නවා

තමුසේ කව්ද කියලා මම දන්නවා අයිසේ කොහේ ඉන්න එකෙක්ද ඔය කතාකරන්නේ, මාධ්‍ය කාරයෙක්ද? කොයි කාලෙද ඉගෙනගත්තේ ඔ්ක? කොහේද මොකෙක්ද ඔය?

වීඩියෝ

සංස්කාරක සටහන 

හිරු නාලිකාව මේ වන විට නිදහස් මාධ්‍ය රැකීමේ සටනක් ආරම්භ කර ඇති බවට පෝස්ටර් නාඩගමක් දියත් කර ඇත. නමුත් මේ ආණ්ඩුව යටතේ කිසිදු මාධ්‍යවේදියකු වෙත රාජපක්ෂ රෙජීම සමයේ මෙන් තර්ජන කිසිවක් සිදුව නැත.

ඒ හමුවේ හිරු නටන මේ සන්නිය නිදහස් මාධ්‍ය සේම මාධ්‍ය නිදහස වෙනුවෙන් වන අරගලය සමාජය හමුවේ "ජෝක්" එකක් කිරීමේ නින්දිත උත්සාහයක් ද යන සැකය අපට මතුවෙයි.

එනිසා ඉතා ගෞරවයෙන් හිරු නාලිකාවට මෙසේ දන්වමු. කරුණාකර දුමින්දට ජනාධිපති සමාව ලබාගැනීමේ සටන සමග මාධ්‍ය නිදහස ආරක්ෂා කරගැනීමේ සටන පටලවන්න හදන්න එපා. අද ඔබේ මාධ්‍ය නිදහස සටන නම් නරි නාඩගමට  රාජපක්ෂ නිකායේ භික්ෂූන් යොදා ගැනීමම පෙන්නුම් කරන්නේ ඔය සටන සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් වන සටන පැහැදිලිව දෙකක් වන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න