නාමල් දිලිප්ගේ සීල් එකත් උස්සලා !

නාමල් දිලිප්ගේ සීල් එකත් උස්සලා !

සිය නිලමුද්‍රාව ව්‍යාජව යොදාගනිමින් , පාර්ලිමේන්තු මන්ත්‍රී මුද්දර භාවිත කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ අත්සනින් ගෝඨාභය රාජපක්‍ෂ ගේ මැතිවරණ පත්‍රිකා යැවීම පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙසට තමන් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කළ බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසයි.

තංගල්ල ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (03)  පැවතී විශේෂ මාධ්‍ය හමුවේදී දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයා  මෙම කරුණු අනාවරණය කළේය." ලබන 16 දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් නියත වශයෙන් ජයගන්නේ සජිත් ප්‍රේමදාස  බව රටම දන්නා ඇත්ත .

මෙවැනි ජයක් ලබන විටදී රාජපක්‍ෂවරුන්ගේ බලකොටුවක් කියලා ඒ අයම කියපු හම්බන්තොට දිස්ත්‍රික්කයත් අපි ජයගන්නවා.

මේ නිසා ඒ පොහොට්ටු කල්ලිය ජනතාව මුලාකරන්න පුළුවන් ඔනෑම නොහොබිනා කටයුත්තක් කරන්න පෙලබිලා ඉන්නවා.එවන් අන්ත පරාජයක් ලබන බව දන්නා පොහොට්ටුවේ නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා  මගේ නිල මුද්‍රාව ඉතා වංචනිකව යොදාගෙන , මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන මුද්දර භාවිත කරමින් නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ අත්සනින් ගෝඨාභයට ජන්දය දෙන්න කියලා ලිපියක් මම යවන  විදියට ජනතාවට යවලා. එවැනි ලිපි කිහිපයක් අපිට ලැබිලා තියෙනවා.මේක මහා කුමන්ත්‍රණයක්.

මේ ලියුම යවලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ගෙවල් වලට. මෙවැනි කුප්‍රකට ක්‍රියාවලින් මේ දකුණේ මිනිස්සු රවට්ටන්න බැහැ . හම්බන්තොට ජනතාව නැවත මෙවර රවට්ටන්න ලැබෙන්නේ නැහැ.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න