වැලිකඩ සමූහ ඝාතනයට ගෝඨා හවුල් : ජේලර් කුඩා බණ්ඩා ගෝඨාගේ නම කියයි  !

වැලිකඩ සමූහ ඝාතනයට ගෝඨා හවුල් : ජේලර් කුඩා බණ්ඩා ගෝඨාගේ නම කියයි  !

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු මරා දැමීමට අදාළ නඩුව විභාග කරන ත්‍රීපුද්ගල මහාධිකරණය ඉදිරියේදී ඔක්තෝබර් 11 දින සාක්ෂි ලබාදුන් ජේලර් කුඩා බණ්ඩා ලබා දුන් සාක්කියේ ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් කර ඇත.

2012 නොවැම්බර් 9 වැනි දින සිදුවූ මෙම සිද්ධියේදී බන්ධනාගාරයට පැමිණි යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු කොණ්ඩ අමිල හා වෝඩ්ප්ලේස් ෂ්‍යාම් සිටින්නේ කොහේදැයි විමසූ බවත් එවිට තමන් කොණ්ඩ අමිල මහර බන්ධනාගාරයේත්, වෝඩ්ප්ලේස් ශ්‍යාම් බන්ධනාගාර රෝහලේත් සිටින බවත් පැවසූ බවත් ඔහු කියා ඇත. 

මේ අතරතුර එක් හමුදා නිලධාරියෙකු අනෙකාගෙන් ඔය කාගේ ලිස්ට් එකද යන්න විමසූ විට ගෝඨාභයගේ ලිස්ට් එක බව පැවසූ බවද කියා තිබේ. තවදුරටත් ජේලර් කුඩා බණ්ඩාගෙන් හරස් ප්‍රශ්න ඇසීමේදී ගෝඨාභයගේ ලිස්ට් එක යනු කාගේ ලිස්ට් එකක්දැයි විමසූ විට හිටපු ආරක්ෂක ‍ලේකම්වරයා‌ගේ බව කුඩා බණ්ඩා පවසා තිබේ.

මෙහිදී විත්තියේ නිතිඥවරයා එකී කොටස නඩු වාර්තාවෙන් ඉවත් කරන්නැයි ඉල්ලා සිටියද ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බවද දැනගන්නට ලැබේ. ජේලර් කුඩා බණ්ඩා වැලිකඩ සිද්ධිය වන අවස්ථාවේදී සේවය කර ඇත්තේ එහි වැඩ බලන ප්‍රධාන ජේලර් ලෙසය.

(රාවය -නිමල් අබේසිංහ )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න