ලලිත්-කූගන් අතුරුදන්වීම විරෝධය නඩු පොතට !

ලලිත්-කූගන් අතුරුදන්වීම විරෝධය නඩු පොතට !

ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් අතුරුදන්විමේ නඩුවේ සාක්ෂි දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් යාපනයට යාම වළක්වමින් අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර ලබාදුන් තීන්දුවට, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ දැක්වූ විරෝධය ඔහුගේ දැඩි ඉල්ලීම මත නඩු පොතේ සටහන් කිරිමට විනිසුරුවරියට සිදුවිය.

නීතිඥවරයා මෝසමක් මගින් බ්‍රහස්පතින්දා (31) මෙම විරෝධය ඉදිරිපත් කරමින් පැවසුවේ දෙසැම්බර් 03 දක්වා ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරිය කළින් ලබාදුන් තීන්දුව පක්ෂග්‍රාහී හා නීතියට අනුකූල නොවන බවයි.

අභියාචනාධිකරණ රීති අනුව අතුරු තමනමක් දිය හැක්කේ සති දෙකකට පමණක් වුවත් මෙය ඊට වඩා වැඩි කාලයකට ලබා දී ඇති බවත් එම නියෝගය දී ඇත්තේ අගතියට පත් පාර්ශවයෙන් විමසා නොවන බවත් ඔහු කියා තිබේ. 

ආරක්ෂාව ප්‍රමාණයත් නොවන නිසා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට යා නොහැකි බව පැවසූ ගෝඨාභය මහතා පසුගිය දා යාපනයට ගොස් විවෘත ස්ථානවලදී රැස්වීම් ඇමතූ බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය. මෙහිදී නීතිඥ නුවන් බෝපගේ හා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොමේෂ් ද සිල්වා අතර දැඩි උණුසුම් වාදයක් ද ඇති විය.

මේ අනුව දෙසැම්බර් 02 විරෝධතා ගොනු කරන ලෙස විනිසුරුවරිය නියෝග කළ අතර අතුරු තහනමට හේතුවූ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම දෙසැම්බර් 03 සලකා බැලේ.

(රාවය-ආර්.අබේනායක)

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න