සජිත් පෙරමුණට ඇවිත් : රාජපක්ෂලාගේ  අලුත් තුරුම්පුව මෙන්න !

සජිත් පෙරමුණට ඇවිත් : රාජපක්ෂලාගේ  අලුත් තුරුම්පුව මෙන්න !

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලැබීමත් සමඟ පොදුජන පෙරමුණ පාර්ශවය දැඩි අර්බුදයකට පත්ව ඇති බව  වාර්තා වෙයි.

ඒ මෙතෙක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ අතර පැවති කරට කර තරගය වෙනස්ව සජිත් ප්‍රේමදාස ඉදිරියට පැමිණ ඇති බවට ලැබී ඇති නවතම මැතිවරණ සමීක්ෂණ වාර්තා නිසයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ගෝඨාභය රාජපක්ෂට සහය දක්වන්න  ගාල්ල කරාපිටියේ පසුගියදා  සංවිධානය කර තිබූ ජන හමුවෙන් පසුව පොදුජන පෙරමුණේ නායකයන් රාත්‍රී ආහාරය සඳහා රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාගේ නිවසේදී රැස්ව තිබේ. 

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමාදාසට අරසුකච්චි පක්ෂය ඇතුළු දෙමල සන්ධානයේ සහය ලැබීම සම්බන්ධව සාකච්ඡාව සිදුකර ඇත්තේ එහිදීය.

තත්ත්වය වෙනස් වෙලා : සජිත් පෙරමුණේ !

තමන් ඉදිරියෙන් සිට ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළත් මේ වන විට තත්ත්වය වෙනස්වී ඇති බවට වාර්තා වී ඇති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එහිදී වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

කාන්තා සනීපාරක්ෂක තුවා නොමිලේ දීම වැනි යෝජනාවක් සජිත් වෙතින් ඉදිරිපත් වනු ඇතැයි තමන් කිසිසේත් අපේක්ෂා නොකළ බවත් එය සමච්චලයට ලක්කරමින් ඊට තම පාර්ශවය ප්‍රතිචාර දැක්වූ ආකාරය වාඩාත් අවාසි සහගත බවත් වාර්තා වී ඇතැයි එහිදී සඳහන් කර ඇත.

නොසිතූ ලෙස සජිත් ජනතා ආකර්ෂණය ලබා ගැනීම හරහා කරට කර සටනක් ලෙස තිබු මෙවර ජනාධිපතිවරණය දමිල පක්ෂ වල සහය සජිත්ට හිමිවීම හමුවේ තවත් පසුබාන තත්ත්වයක් උද්ගතව ඇති බව පෙන්වාදෙන දත්ත සටහන් කිහිපයක්ද එහිදී මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කල බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඇමැති මණ්ඩලය නම් කිරීම ගෝඨාට පැවරෙයි !

මෙම තත්ත්වය වෙනස් කර ගැනීමට බරපතල චෝදනා ඇති කොටස් මැතිවරණයේ ආසන්න දින කිහිපයේදී ඈත්කර තැබීමට මෙන්ම කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමේදී ඊළඟ මහ මැතිවරණය තෙක්  ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය ආකාරයට කැබිනට් මණ්ඩලය සකස් කරන බව ප්‍රසිද්ධ කිරීමට තීන්දු කල බවත් දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඒ අනුව ගෝඨාභයගේ කැබිනට් මණ්ඩලය ගෝඨාභය විසින්ම තෝරාගන්නා බව ප්‍රචාරය කිරීමේ වගකීම විමල් වීරවංශ ඇතුළු කථිකයන් කිහිපදෙනෙකුට පැවරීමත් එහිදී සිදුව තිබෙන බව දැනගන්නට තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න