මහින්ද වෙනුවෙන් මිනී මැරූ : ජුලම්පිටියේ අමරේගේ නඩු තීන්දුව අද !

 මහින්ද වෙනුවෙන් මිනී මැරූ : ජුලම්පිටියේ අමරේගේ නඩු තීන්දුව අද !

කටුවන හැඩිවත්ත ප්‍රදේශයේදී 2012 වසරේ ජුනි 15වනදා පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ “ජනතාව පෙළෙන පාලනයට එරෙහිව පෙළගැසෙමු” යන ජන හමුවට වෙඩි තබා ජනහමුවට සහභාගී වී සිටි දෙදෙනෙකු ඝාතනය කර එක් අයෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි මත අත්අඩංගුවට ගත් ප්‍රබල පාතල ක්‍රියාකාරිකයෙකු වන ගීගනගේ අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේ නැමැත්තා සම්බන්ධයෙන් වූ නඩුවේ තීන්දුව අද (07) පස්වරු 02.00ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම ප්‍රහාරයට අදාළ නඩුව වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වූ අතර එහි ප්‍රධාන සැකකරු වන ජූලම්පිටියේ අමරේ ඇතුළු තිදෙනෙකුට එරෙහිව නඩු ගොනු කර තිබේ.

එම වෙඩි තැබීමෙන් එදිරිමාන්න පතිරනගේ මාලනී (50) ජයසේකර පතිරනගේ හේෂාන් (18) යන දෙදෙනා ඝාතනය කර නෙත්තසිංහ ලියනගේ සුජිත් නිමේෂ යන අයට බරපතල තුවාල සිදුකර තිබිණි.

ජූලම්පිටිය අමරේ මනුෂ්‍ය ඝාතන කිහිපයකට හා තංගල්ල බන්ධනාගාර කැරැල්ලටද චෝදනා ලැබ සිටි අයෙකු වන අතර ඔහු රාජපක්ෂ වරුන්ගේ ආරක්ෂකයෙකු ලෙසද කටයුතු කර ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම ප්‍රශ්න කරමින් චූදිතයන්ට රැකවරණය දෙන පුද්ගලයන් සහ චූදිතයන් අත්අඩංගුවට නොගැනීම ගැන රට හමුවේ කරුණු අනාවරණය කරන්නට විය.

ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම සිදු කළ කරුණු අනාවරණය කිරීම් සහ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලින් පසු ජූලම්පිටියේ අමරේ නැමැත්තා ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලදී.

මොහු රාජපක්ෂ පාතාලයේ ප්‍රමුඛයකු වන අතර කටුවන වෙඩි තැබීම සිදුකර සිටියේද රාජපක්ෂවරුන්ගේ සහයටය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න