මහින්දගේ හිතවතා : ජුලම්පිටියේ අමරේට මරණ දඬුවම !

 මහින්දගේ හිතවතා : ජුලම්පිටියේ අමරේට මරණ දඬුවම !

රාජපක්ෂ රෙජීම පාලන සමයේදී පාතාල නායකයකු ලෙස බිහිකළ ගීගනගේ අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේ නැමැත්තාට අද (07) මරණ දඬුවම නියම කර ඇත.

තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද විසින් ඊට අදාළ නියෝගය නිකුත්කර තිබේ.

2012.06.15 වන දින ජුලම්පිටිය අමරේ සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක හා තරුණයෙකු මිය ගිය අතර තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලැබීය.

 ජූලම්පිටියේ අමරේ අදාල සිදුවීමෙන් පසුව පොලිසිය මගහැර සිටි අතර පසුව රාජපක්ෂ පවුල සහ ජුලම්පිටියේ අමරේ අතර වූ කිට්ටු සබඳතාව හෙළිකරමින් ජනතා විමුක්ති පෙරමුණ දැඩි විරෝධයක් ගෙනයනු ලැබීය.  පසුව සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාරවීමට ජුලම්පිටියේ අමරේ ට සිදුවූයේ ඒ අනුවය.

 අදාළ ඝාතනය සම්බන්ධයෙන් 2012 වසරේ ජුනි මස 22 දින වලස්මුල්ල අධිකරණයේදී හදුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවතිණි. එහිදී සාක්ෂිකරුවෝ තිදෙනෙකු විසින් ජූලම්පිටිය අමරේ හදුනා ගැනීමට සමත් විය.

නඩු විභාගයේදී සැකකාර ජුලම්පිටිය අමරේට එරෙහිව නගා තිබු චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිම හේතුවෙන් තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද විසින් සැකකරුට මරණීය දණ්ඩනය නියම කෙරුණ අතර ජූලම්පිටිය අමරේ මනුෂ්‍ය ඝාතන කිහිපයකට මෙන්ම කුප්‍රකට  තංගල්ල බන්ධනාගාර කැරැල්ල සම්බන්ධවත් චෝදනා ලැබ සිටි අයෙකි.

සිදුකල තවත් අපරාධයකට අදාලව ජුලම්පිටිය අමරේ 40 වසරක සිර දඩුවමක් විදින අතර සැකකාර ජුලම්පිටිය අමරේ අද දිනයේද අධිකරණයට රැගෙන ආවේ බන්ධනාගාර නිළධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේය.

අද පැවති නඩු විභාගය දැක බලාගැනීම සදහා ජනතා විමුත්කි පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගප්පත්ති, කලුතර දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක්ද අධිකරණයට පැමිණ සිටි අතර සැකකාර ජුලම්පිටිය අමරේ නැමැත්තා විසින් වෙඩි තැබිම සිදුකර තිබුණේද ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් සහභාගී වූ රැස්වීමකටය.

සැකකරුට මරණීය දණ්ඩනය නියම කල මහාධිකරණ විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරී වරයාට නියෝග කෙරුණේ ශ්‍රි ලංකා ජනාධිපති වරයා විසින් නියම කරන ස්ථානයකදි හා වේලාවකදී සැකකරු බෙල්ලෙන් එල්ලා මරණයට පත් කරන තෙක් සැකකරු වැලිකඩ බන්ධනාගාරයේ රදවා තබන ලෙසය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න