චන්ද්‍රිකා පිලෙන් රට පුරා රැස්වීම්

චන්ද්‍රිකා පිලෙන් රට පුරා රැස්වීම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග එක්වීමට විරෝධය පළකරමින් චන්ද්‍රිකා කුමාරතුංග සහ කුමාර වෙල්ගම ප්‍රමුඛ ශ්‍රීලනිපය සුරැකීමේ කණ්ඩායම ඉදිරි සතියේදී දිස්ත්‍රික්ක 14 ක රැස්වීම් පවත්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කළ යුතු බව ශ්‍රීලනිප සාමාජිකයන්ට පෙන්වා දීමට බලාපොරොත්තුවන බව එම කණ්ඩායමේ නියෝජිකයෝ කිහිප දෙනෙක් අනිද්දා සමග පැවසූහ.

තවත් සතියක පමණ කාලයක් පවතින බවත් හැකි උපරිමයෙන් එම කාලය ඇතුළත තම මතය සමාජගත කිරීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයේ ලේකම් රජික කොඩිතුවක්කු පැවසීය. 

එම කණ්ඩායම නොවැම්බර් 05 වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වූ සමුළුවේ සංවිධායකවරයෙකු වූ ශ්‍රීලනිප මීරිගම ආසන සංවිධායක සංජය සිරිවර්ධන ඒ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඉදිරියේදී ශ්‍රීලනිපයේ තවත් කණ්ඩායමක් තමන් සමග එකතුවීමට බලාපොරොත්තුවන බවයි. නොවැම්බර් 05 සමුළුවට ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් 20 කට වැඩි පිරිසක් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් 40 කට වැඩි පිරිසක් සහභාගිවූ බව ඔහු කීය. එම සමුළුවෙන් පසුව ආසන සංවිධායකවරුන් සහ ශ්‍රීලනිප වෘත්තීය සමිති නායකයන් සැලකිය යුතු පිරිසක් තම කණ්ඩායම සමග එක්වීමට කැමැත්ත පළකර ඇතැයි ඔහු කීය.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම තම කණ්ඩායමේ ප්‍රධානම අරමුණ බව ඔහු කීය. ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රීලනිපය සමග එක්ව, පොදුජන පෙරමුණ අභිබවමින් එය නැවත ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසූ අතර ඒ වෙනුවෙන් ශ්‍රිලනිප සභාපතිධූරයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පත්කළ යුතු බව ඉල්ලමින් රට පුරා ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමටද බලාපොරොත්තු වන බව කීය. ශ්‍රීලනිප මධ්‍යමකාරක සභිකයින් එම අරමුණට සහයෝගය පළකරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු පැවසයි.

අනිද්දා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න