ගෝඨාගේ අන්තිම තුරුම්පුව මෙන්න : උතුරේ සිංහලයන් ඉවත් කරන ගිවිසුමක් !

ගෝඨාගේ අන්තිම තුරුම්පුව මෙන්න : උතුරේ සිංහලයන් ඉවත් කරන ගිවිසුමක් !

ශ්‍රී ලාංකික පුරවැසිභාවය පවා ඔප්පු කර ගැනීමට නොහැකිව නියත පරාජය උරුමව සිටින පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය අවසන් තුරුම්පුව ලෙස නින්දිත ජාතිවාදී ප්‍රචාරයක් දියත් කිරීමේ සූදානමක් ඇති බව විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට මේ නින්දිත මඩ ප්‍රචාරය දියත්කිරීමට සැලසුම් කර ඇත්තේ උතුරු ප්‍රදේශයේ සිටින සියළු සිංහලයන් ඉවත් කිරීමට  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් දෙමල ජාතික සන්ධානයට පොරොන්දුවක් ලබාදී ඇති බව සඳහන් කරමින්ය.

ඒ වෙනුවෙන් පොදුජන පෙරමුණ පාර්ශවය විසින් කුඨ ලේඛනයක්ද සකස්කර තිබෙන බවත් වාර්තා වෙයි. 

ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ අද (15) රාත්‍රියේ සිට මේ සාවද්‍ය ප්‍රචාරය සිදුකර දකුණේ සමාජයේ කැළඹීමක් ඇති කිරීමය.

ඒ හරහා ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියකු බවට ලැබී ඇති තහවුරුව වෙනස් කර ගන්නටය. තවද උතුරේ සිංහල ජනතාව ඉවත්කරන බැවින් ඊට පෙර දකුණේ සිටින දෙමල ජනතාවට උතුරට යන ලෙස රටේ ස්ථාන කිහිපයක ගැටුම් ඇති කිරීමේ සූදානමක් සම්බන්ධවද තොරතුරු වාර්තා වෙයි.

ඒ හරහා පොදුජන පෙරමුණ අපේක්ෂාව වී ඇත්තේ දමිල සහ මුස්ලීම් ප්‍රජාව බිය වද්දා ජන්ද පොළවෙත එවීම වැලැක්වීමය.

මේ වන විට හොර සහතික, නාග ලෝකයේ ධාතු කටින් අරගෙන පැමිණි නයාගේ සිට පිටි මිල වැඩි කිරීම දක්වා ප්‍රෝඩා රැසක් සමඟ කරලියට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ඒ සියල්ල ලත්තැනම ලොප් වී නන්නත්තාරව සිටින අතර දැන් අනුන්ගේ ලෙයින් ගොඩයන සුපුරුදු රාජපක්ෂ ක්‍රමයට අවතීර්ණව ඇත. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න