Language Switcher

V2025

ඇමරිකානු පුරවැසි පාර්ශවයේ මඩ වලට අහුවෙන්න එපා : ලංකා පුරවැසි පාර්ශවය දන්වයි !

ශ්‍රී ලාංකික පුරවැසිභාවය පවා ඔප්පු කර ගැනීමට නොහැකිව නියත පරාජය උරුමව සිටින පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ සිය අවසන් තුරුම්පුව ලෙස තවත් නින්දිත ප්‍රචාර දියත් කර ඊට ජඩමාධ්‍ය සහය පවා ලබාගනිමින් සිටියි. 
 
ඒ සම්බන්ධව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.
 
ජනාධිපති මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත දිනයට පෙරාතුව නිසල කාලයක් මැතිවරණ නීතිය මගින්ම බලාත්මක කොට ඇත්තේ පුරවැසියාට එලඹි සිහියෙන් යුතුව සිය අපේක්ෂක වරනය පිළිබඳව තිරණයක් ගැනිම පහසු කරනු සඳහාය.
 
නමුත් නොවැම්බර් 14 දා මධ්‍යම රාත්‍රියෙන් එලඹුන එකී නිසල කාලය විවිධ දේශපාලනික ප්‍රයෝගකාරි ක්‍රියාකාරිත්වයන් මගින් උල්ලංගනය කිරීමටත් එම ප්‍රයෝගකාරී ක්‍රියාවන් සඳහා මාධ්‍ය ප්‍රචාරයන් ලබාගැනීමේ ප්‍රවනතාවය පසුගිය පැය විසිහතර තුළ උත්සන්නවී තිබෙන බව අප නිරීක්ෂනය කරනු ලබන්නේ දැඩි කනස්සල්ලකිනි.
 
මෙකී තත්වය පිළිබඳව මැතිවරණ කොමිසමේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බවට අප අවධාරණය කර සිටින්නෙමු.
 
මේ වනවිට අප වෙත වාර්තාවී ඇති නවතම ප්‍රයෝගය වී ඇත්තේ රටේ පවතින අධිකරන ක්‍රියාවලිය භාවිතා කරමින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පිලිබඳව බහුතරයක් වන සිංහල ජනතාව තුල දුර්මතයක් ඇති කිරිම අපේක්ෂාවෙන් නඩුවක් ගොනු කොට එකී නඩු කරය සඳහා අනිසි මෙන්ම අනීතික මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කිරීමයි.
 
වාර්තා වන අන්දමට එකී නඩු නිමිත්තෙහි පදනම ලෙස හුවා දක්වන්නේ සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමල ජාතික සංධානය අතර ඇතිකර ගෙන ඇතැයි කියන රහස් ගිවිසුමක් මත ක්‍රියාකරමින් අනාගතයේ දී උතුරු පලාතේ පදිංචි සිංහලයන් සිය ගම්බිම් වලින් ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බවත් එවැනි ක්‍රියාවක් වලක්වා ගැනීම සඳහා අධිකරනයේ මැදිහත්වීමක් සඳහා අයැද සිටීමයි.
 
පලමුව අප මෙවැනි කිසිදු රහස් ගිවිසුමක පැවැත්ම ප්‍රතිකෂේප කරනු ලබයි.
 
දෙවනුව කියා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා රහසින් වත් මෙරටේ සිංහල ජනතාවට එරෙහිවන සිංහලයාගේ සකල විධ උන්තියට බාධාවන කිසිවකට කිසිවිටක උරනොදෙන බවයි. එය එතුමන් ගේ අතීත පරිචය මගින් මනා ලෙස ඔප්පු කොට තිබෙන අතර අනාගතයට ද එය සදාතනික යථාර්තයක් වන බව අවධාරණය කොට සිටී.
 
එම නිසා මෙම ප්‍රලාපය එයට උරුම වන පිලිකුළෙන් යුතුව අප ප්‍රතික්ෂේප කොට සිටින්නෙමු.
 
මෙවැනි පසුබිමක එවැනි නඩුකරයක් පැවරීම පවා හාස්‍ය දනවන අතර එවැන්නකට පෙලඹීම තුලින් අපගේ දේශපාලනික ප්‍රතිවාදීන් වැටී ඇති සදාචාරික අගාධයේ තරම මනා ලෙස තේරුම් ගන්නා ලෙස අප මෙරට පුරවැසියන්ට ආයාචනය කර සිටින්නෙමු.
 
එසේම එවැනි නඩු නිමිත්තක් මත අධිකරනය ඉදිරියට යන්නේ නම් එනයින්ම අධිකරන ක්‍රියාවලිය අපයෝජනයට ලක්ක්රීමකි. නිතිය ඉදිරියේ මෙන්ම යථාර්තය ඉදිරියේ නොමැති කරුනක් මත නඩු පවරමින් ඒ මත අයුතු මාධ්‍ය ප්‍රචාරනයක් ගැනීමට යමෙක් පෙලඹේ නම් සහ යම් මාධ්‍ය ආයතනයක් කටයුතු කරන්නේ නම් එවැනි දීන උත්සාහයකට එරෙහිව නෛතිකව මෙන්ම දේශපාලනිකවද කටයුතු කරමින් එය පරාජය කිරීමට කටයුතු කරනු ලබන බව මෙයින් දන්වා සිටී.
එසේම මෙම නිර්ලජ්ජිත ක්‍රියාවට එරෙහි වන ලෙසත් එම දීන උත්සාහය පරාජය කිරීමට ඉදිරියට එන ලෙසත් සකල විධ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලින් ඉල්ලා සිටියි.