රූපවාහිනියට පොලිසිය පනියි : ස්පයිඩර් මෑන් චිත්‍රපටය ගෝඨාට එරෙහි මඩක් කියා පැමිණිල්ලක් !

රූපවාහිනියට පොලිසිය පනියි : ස්පයිඩර් මෑන් චිත්‍රපටය ගෝඨාට එරෙහි මඩක් කියා පැමිණිල්ලක් !

ජාතික රූපවාහිනී පරිශ්‍රයට අද (16) මීට සුළු මොහොතකට පෙර කුරුඳුවත්ත පොලිසියේ කණ්ඩායමක් කඩාවැදී විශේෂ සෝදිසියක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඒ එම අවස්ථාවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට මඩක් එල්ල කෙරෙන චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේ සූදානමක් පවතින බවට පැමිණිල්ලක් ලැබී ඇති බව පවසමින්ය.

එහිදී රූපවාහිනී පාලනාධිකාරිය දන්වා ඇත්තේ එවැනි කිසිඳු මඩ ප්‍රචාර කටයුත්තක් මේ සමය තුළ සිදුකර නොමැති බවත් එසේම සිදුකරන ඕනෑම විමර්ශනයක් සඳහා සහය දැක්වීමට තමන් සූදානම් බවය.

ඒ අනූව පොලිස් නිලධාරීන් විකාශන පරිශ්‍රය පරීක්ෂා කර ඇති අතර එහිදී සොයාගත් "මඩ" ‍යැයි පැමිණිලි ලැබුණු චිත්‍රපටය දැක ඔවුන් බලවත් අපහසුතාවට පත්ව ඇත. මන්ද ඒ  " ස්පයිඩර් මෑන් " චිත්‍රපටය වීම නිසාය.

පසුව  "උන් බොරු පැමිණිලි දානවා.. ඔලුවේ කුණු තියන උන් හිතන්නේ අනිත් එකාගෙත් කුණු.. කියලා .. ඇතුලෙන් කන්ෆෝම් කළ නිසයි අපිත් මේ ආවේ.. සොරි.." කියා එම නිලධාරීන් පිටත්ව ගිය බවත් වාර්තා වෙයි.

මෙහිදී සිහිපත් වූයේ 2010 ජනාධිපතිවරණය අවස්ථාවේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා ට ජන්දය නෑ කියා පට්ටපල් බොරු පුවතක් ජන්දය දිනයේම ජාතික රූපවාහිනියේ ප්‍රචාරය කිරීම සහ 2015 දී මෛත්‍රී - TNA රට බෙදන රහස් ගිවිසුමක් ගැන පුවත් ප්‍රචාරය කිරීමය.

එසේම 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන ගේ දරුවකු බව කියමින් පට්ටපල් බොරුවක් රූපවාහිනී වැඩසටහනක් ලෙස පටිගත කළ පිරිස පවා යහපාලනය යටතේ කිසිදු පළිගැනීමක් නොමැතිව රූපවාහිනී සංස්ථාවේ  සේවය කරන බවත් සිහිපත් කළ යුතුව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න