Language Switcher

V2025

සජිත් ගොඩ : ශිරාල්ගෙන් සහතිකයක් !

සජිත් පරාජය වන  බවට සහ  ගෝඨාභය  ජයග්‍රාහනය කරන බවට සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරන නමුත් එය අමූලික මිත්‍යාවක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ශිරාල් ලක්තිලක පවසයි.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කරන අතර  මේ වන විට  දිස්ත්‍රික්ක මට්ටමෙන් ඡනද ගනන් කිරීම අවසානය කරා එළඹ නැති බවත් ඒ නිසා කිසිම ප්‍රතිශතයකින් ජයග්‍රාහනය කිරීමේ අනුමානය පිළිබඳව කරලා තියෙනවනම් ඒක මිත්‍යාවක් බවත් ඔහු පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

 අපි කියන්න කැමතියි  තැපැල් ඡන්ද ප්‍රතිඵල මත මේ ජනාධිපතිවරණයේ අවසාන ප්‍රතිඵල තීරණය කළ නොහැකි බව. ආර් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය දිනනකොටත් තැපැල් ඡන්ද වලින් පැරදවුනා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඡන්දය දිනනකොටත් තැපැල් ඡන්ද වලින් පැරදුනා. ඒ නිසා එම තැපැල් ඡන්ද පදනම් කරගෙන යම් කිසි මිත්‍යාවක් මතුරනවානම් අද අපි කියන්න කැමති මිත්‍යාවෙම ඉන්න කියලා.

තෙවනුව අපි කියන්න කැමතියි  මේ  ඡන්දයේ දිනන දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද ප්‍රමාණය මත නෙවෙයි පදනම් වෙන්නේ, ඒ සමස්ත ශ්‍රී ලංකාවේ 22කින් ලබන බහුතර ඡන්දයේ එකතුව මතයි තීරණය වෙන්නේ. එහිදි අපි ඉතාම වගකීමෙන් කියනවා ඡන්ද දිස්ත්‍රික්ක 11ක ජය පැහැදිලිවම උතුරු නැගෙනහිර ඇතුලුව කොළඹ, මහානුවර, නුවරඑළිය, බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කය අපි ජයග්‍රාහනය කරනවා. ඒ සමස්ත දිස්ත්‍රික්ක වලම ඡන්ද ප්‍රමාණයෙන් වැඩි ඡන්ද ප්‍රමාණය ලක්ෂ 11කට  ආසන්න වෙනවා ඒ ලක්ෂ 11ට සමාන කරන්නට ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද ගන්නවනම් ඔවුන් ජයග්‍රාහනය කරන හැම දිස්ත්‍රික්කයම ඡන්ද 65% ක ප්‍රමාණයක් ගන්න ඕනේ. එය කිසිසේත්ම කළ නොහැකි.

 අපි දන්නවා ඔය ජනාධිපතිවරණය ජයග්‍රාහනය කරන දිස්ත්‍රික්ක කියලා තියෙන දිස්ත්‍රික්ක අතරෙනුත් දිස්ත්‍රික්ක 3කට ආසන්න ප්‍රමාණයක් අපි කරට කර ඉන්නවා කියලා. ඒ නිසා මේ යුද්දය අවසාන යුද්දය ජයග්‍රාහනය කරන්නේ සමස්ත දිස්ත්‍රික්ක වල ප්‍රතිඵල මිසක් මේ එක එක දිස්ත්‍රික්කය ලබන බහුතර ඡන්ද ප්‍රමාණය මත නෙවෙයි කියලා කියනවා. ඒ නිසා මේ වෙලාවේ හුවමාරු වන බොරු ප්‍රචාර වලට නොවැරටි අවසාන ඉලක්කය ජයග්‍රාහනය කරනකම් නිදි මරාගෙන මේ ආරම්භ කරපු සටන ජයග්‍රාහනයකින් අවසන් කරන්න කියලා මා ඉල්ලා සිටිනවා.