නීතිපති විගණන පනත් කෙටුම්පතට අනුමැතිය දෙයි

නීතිපති විගණන පනත් කෙටුම්පතට අනුමැතිය දෙයි

ජාතික විගණන පනත් කෙටුම්පත සඳහා නීතිපති අනුමැතිය ලැබී තිබේ.

නීතිපති අනුමැතිය ලද පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් ඊට අදාළ ලියවිලි අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා වෙත පෙරේදා (05දා) යවා තිබේ.

මෙම ජාතික විගණන පනත හරහා ජාතික විගණන කොමිෂන් සභාව ස්ථාපිත කෙරෙන අතර, විගණන කටයුතු වේගවත්ව හා වඩා විධිමත්ව සිදු කිරීම එහි මූලික අරමුණක් වෙයි.

එසේම මෙතෙක් විගණන කටයුතු සම්බන්ධව එක් පුද්ගලයෙකු සතුව තිබූ බලතල විගණකාධිපතිවරයා ඇතුළු මණ්ඩලයක් වෙත බෙදී යාමක් මේ හරහා සිදුවන බවත්, එහිදී විගණන කටයුතුවල මෙන්ම රාජ්‍ය මුදල් භාවිතයේද විනිවිදභාවය වඩා තහවුරු කිරීම හා රාජ්‍ය මුදල් අවභාවිත වීම වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදෙනු ඇති බවත් සඳහන්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න