කටුකන දෙදෙනෙකුගේ හැසිරීමෙන් ජාතික රූපවාහිනීය අවුල් ජාලයක් !

කටුකන දෙදෙනෙකුගේ හැසිරීමෙන් ජාතික රූපවාහිනීය අවුල් ජාලයක් !

පොදුජන පෙරමුනේ  සමාජිකයන් කිසිවෙකුගේ අදහස්වලට ඇහුම්කන් නොදෙමින් අත්තනෝමතිකව ක්‍රියාකරන නිලධාරීන් දෙදෙනෙකුගේ ක්‍රියාකලපය හේතුවෙන්  ජාතික රූපවාහිනීයේ කටයුතු මුලුමුනින්ම කඩා වැටී ඇතැයි වාර්ථා වේ. 

අද රෑපවාහිනිය අරාජිකය. ඉතා ඉක්මනින් විශ්‍රාම ගැනීමට සිටින අයෙකු  සහ මෝටර් රථය නිල කාමරය කරගත්  රූපවාහිනීයට කිසිදු සේවවක් නොකල නි. අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් දෙදෙනෙකුගේ කෙළිමඬලක් බවට රූපවාහිනිය පත්වී ඇත. ⁣

සරලවම කියනවානම් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තුළ ක්‍රියාත්මක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිතියට පවා මෙ තත්ත්වය පාලනය කරගත නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

මේ නිලධාරීන් දෙදෙනා අත්තනෝමතිකව  පොදුජන පෙරමුණු සාමජිකයන් නොතකමින් අනුරාධපුරයේ පැවති නව ජනාධිපතිතුමා දිවුරුම් දීමේ උත්සවයේ සජීවී විකාශය සදහා ඔවුන් දෙදෙනාගේ හෙන්චයියන් කිහිපදෙනෙකු යවා ඇති අතර එම සජීවි විකාශය මුලුමුනින්ම අසාර්ථක වී ඇත. නව ජනාධිපතිතුමාගේ පත්වීමෙන් පසු පැවති පලමු උත්සවය වූ මෙහි සජීවී දර්ශන අනිකුත් සියලු නාලිකාද ලබා ගනු ලැබූවේ ජාතික රූපවාහිනීයෙන් බැවින් මෙම ප්‍රාථමික මට්ටමේ විකාශණය හමුවේ ඔවුන්  බරපතල අපහසුතාවයකට පත්වී ඇත. 

ඒ අනුව ඊට පසුදින පැවති නව ජනාධිපතිතුමා වැඩභාර ගැනීමේ උත්සවයේ සජීවි විකාශය සිදුකිරීමේ වගකීම දෙරණ නාලිකාවට ලබාදී ඇත. මේ සිදුවීමත් සමග දැඩි කලකිරීමටපත් රූපවාහිනීයේ පොහොට්ටු වෘත්තීය සමිති සමාජික‍යන් මොවුන් දෙදෙනා දඩි  දෝෂ දර්ශණයට ලක්කර ඇතත් ඔවුන් තවමත් ඔවුන්ගේ  අත්තනෝමතික කටයුතු සිදු කරමින් සිටී.  
මේ හේතුවෙන් කලකිරීමට පත් පොහොට්ටු සමාජිකයන් රැසක් රජයේ වැඩ සදහා සම්භන්ධ නොවී නිහඩව සිටීමට තීරණය කර තිබේ. 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන්නට උත්සාහ දරන යහපත් ප්‍රතිපත්ති විනාශකර ඒවාට පයින් ගසා තමන් ගෝඨාභය පාක්ෂිකයන් යැයි කියා ගනිමින් තමන්ගේ වැරදි වසාගෙන රාජ්‍ය ආයතන වල ක්‍රියාකාරිත්වය කඩාකප්පල් කරන්නට සූදානම්වන රූපවාහිනියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් දෙදෙනා වැනි තවත් පිළිල රාජ්‍ය ආයතන තුළ ඕනෑ තරම් සිටිය හැක. මේ උදවිය වෘත්තීය ලෙස  බැඳ දමන්න ගෝඨාභය රාජපක්ෂ රජය වහා කටයුතු කිරීම නව රජයේ හා නව ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය නංවාගැනීමට මහත් පිටිවහලක් වනු ඇති බව රූපවාහිනී සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ ඉල්ලීම වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න