ශ්‍රීලනිපය නිල වශයෙන් පොදුජන පෙරමුණට සහාය දැක්වන පසුබිමක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කළ ද ඔහුගේ දියණියක වන චතුරිකා සහ පුත් දහම් සිරිසේන සජිත් ප්‍රේමදාසට වාසිසහගත ලෙස පොලොන්නරුව ප්‍රදේශයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවා ඇද්දැයි බැසිල් රාජපක්ෂ විසින් සැක මතු කර තිබේ.
රාජපක්ෂවරුන්ගේ උපදේශකයකු විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක සඳහන් වන්නේ, පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දුන් 30 000ක් පමණ මෙවර එජාපයට ගොස් ඇතැයි එම දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල පිළිබඳ විශ්ලේෂණයක දී අනාවරණය වී ඇති බවයි.
එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.
''පොළොන්නරුවේ මැදිගිරියෙ සහ පොළොන්නරුව ආසනවලින් පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පොදුජන පෙරමුණ ඡන්ද 64 495ක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද 69 724ක් ද එජාපය ඡන්ද 45 428ක් ද ලබා ගත්තේය.
එහෙත් ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිප පොදුජන පෙරමුණට සහාය ලබා දෙන පසුබිමක එම ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණය 1 340 219ක් විය යුතුය. එහෙත් ලබා ගෙන ඇත්තේ 96 904ක් පමණි. එහෙත් එජාපය ඡන්ද 81 996ක් ලබා ගත්තේය.
මේ අනුව පොළොන්නරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද 36 568ක් එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබේ.
මෙම තත්ත්වයට හේතුව ශ්‍රීලනිපය නිල වශයෙන් පොදුජන පෙරමුණට සහාය දැක්වන පසුබිමක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කළ චතුරිකා සහ දහම් සිරිසේන සජිත් ප්‍රේමදාසට වාසිසහගත ලෙස එම ප්‍රදේශවල මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වීම බව විචාරක මතයයි.''

