ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ 'බ්ලැක් මනී' ලැයිස්තුවට !

ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ 'බ්ලැක් මනී' ලැයිස්තුවට !

යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවද ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

යුරෝපා පාර්ලිමේන්තු වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ ඊයේ (7) පැවති ඡන්ද විමසීමකින් පසු ශ්‍රී ලංකාව, ටියුනීසියාව සහ ට්‍රිනිඩෑඞ් - ටොබෑකෝ යන රටවල් මෙලෙස අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බවයි.

මෙම අසාදු ලේඛනය සැකසීමේදී තුන්වන ලෝකයේ රටවල මුදල් විශුද්ධිකරණය මෙන්ම ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම ද සළකා බලා තිබේ.

යුරෝපා පාර්ලිමේන්තුවේ ඊයේ පැවති ඡන්ද විමසීමේදී අසාදු ලේඛනගත කිරීමට පක්ෂව ඡන්ද 357 ක් ලැබී ඇති අතර, විරුද්ධව ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 283 කි. තවත් යුරෝපා පාර්ලිමේන්තු සභිකයන් 26 දෙනෙකු ඡන්ද ලබාදීමෙන් වැළකී සිට ඇත.

යුරෝපීය සංගමයේ මුදල් විශුද්ධිකරණ විරෝධී ප්‍රතිපත්තිය යටතේ එන බැඳීම්වල කොටසක් ලෙස යුරෝපා කොමිසම "අධික අවදානම් තෙවන රටවල්" ලැයිස්තුවක් සකස් කිරීමට බැඳී සිටී. එසේම යුරෝපා පාර්ලිමේන්තුවට නිල වශයෙන් මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළක්වීම සඳහා නිශේධ බලයක් ඇත.

රටවල් තෝරාගැනීමට සහ ඉවත් කිරීමට අනුගමනය ක්‍රමවේදය සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ සහ යුරෝපා කොමිසම අතර මතබේදයක් පැවතුණි. පසුව 2017 වසරේ අගදී ආයතන දෙකම එකඟ වන ආකාරයේ තීරණයකට එළඹීමට ඔවුන්ට හැකිව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න