Language Switcher

V2025

අත්අඩංගුවට ගැනීමේ පුවත අසත්‍යක් බව උදයංග කියයි

ඉන්ටර්පෝල් රතු වරෙන්තු ලද රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති උදයාංග වීරතුංග විදේශ රටකදී අත්අඩංගුවට ගෙන ඇති බවට පළවන පුවත සාවධ්‍ය බව ඒ මහතා සඳහන් කර සිටියි.

අත්අඩංගුවට ගත්තේ නෑ : ඉන්ටර්පෝල් රතු වරෙන්තුවකුත් නෑ

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පසුගිය 04 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය කරා ගමන් කරන අතර මග අරාබි එමීර් රාජ්‍යයේදී එරට ඉන්ටර්පොල් පොලිසිය විසින් නතර කර, පරික්ෂා කර, තමන්ට අදාළව ජාත්‍යන්තරව කිසිදු චෝදනාවක් නොමැති බව සහ ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැති බව සනාථ වීමෙන් පසු නිදහස් කල බවය.

එසේම ලංකා රජයෙන් තමන්ට සිදූවන දරුණු දේශපාලන පළිගැනීම් නිසා, දැනට ලංකාවට පැමිණීමට අදහසක් නැති බවත් රජය තමන්ට විරුද්ධව එල්ල කරන චෝදනා සියල්ල අමූලික බොරු බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බවද එහි සඳහන් කර ඇත.

පළිගන්න ඉන්න නිසා ලංකාවට එන්නේ නෑ

එසේම එම සටහනේ මෙසේද දක්වා ඇත.

"මට පුදුම රටේ උගතුන් බුද්ධිමතුන් යැයි කියන කොටස පවා අද රටේ නිදහස, නීතිය ඉදිරියේ සමානාත්මතාව, අධිකරණයේ ස්වාධීනත්වය වැනි ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන නියාමනයන් පවතීයැයි තවමත් සිතීමය. මෙම පළාත් පාලන චන්දයට වාසී ලබා ගැනීමට රජය විසින් අන්තිම මොහොතේ මාව අත්අඩංගුවට ගැනීමට ගත් උත්සාහය මෙසේ අසාර්ථක විය. එසේ නමුත් ලාංකික පොලීසියට එරෙහිව ජාත්‍යන්තරව වන්දි නඩුවක් පැවරීමට ඉතා සුදුසු අවස්ථාවක් මට උදාවීම ගැන සතුටු වන්නෙමි. අසාර්ථක හිටං හුටං ආණ්ඩුවේ ආයුෂ 10 වෙනිදා ඔබගේ චන්දයෙන් අවසානය පටන් ගන්නවා බව නියතය.

ලංකාවේ පොලිස් රාජ්‍යක් බිහිවෙන ලකුණු

"අද රටෙහි භයානක පොලිස් රාජ්‍යයක් බිහිවෙමින් පවතින බව ඔප්පු කරන එක් අවස්ථාවක් වුවද, මෙම පොලිස් රාජ්‍යයේ බිහිවීම තුලින් රටට සිදූවන විනාශයට විරෝධය පෑමට පෙබරවාරි 10දා ලැබෙන අවස්ථාව උපයෝගී කර ගන්නා ලෙස ලංකික ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි"

කෙසේ නමුත් මීට පෙර රජයේ නිල නොලත් ආරංචිමාර්ග සඳහන් කර සිටියේ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති උදයංග වීරතුංග ඇමෙරිකාව බලා පිටත්ව යන අවස්ථාවේදී ඩුබායි ගුවන් තොටුපලකදී ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන ඇති බවය.

එසේම ඩුබායි ගුවන්තොටුපලේ ආගමන විගමන නිලධාරීන් විසින් 04වනදා උදැසනදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා වහාම දිවයිනට රැගෙන එන්නැයි ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියකු අදාල බලධාරීන්ට නියෝගකර ඇති බවටද තොරතුරු ප්‍රසිද්ධ විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකට වැරදි තොරතුරු දීලද ?

ඒ වෙනුවෙන් විදෙස් කටයුතු අමාත්‍යංශයේ හා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මේවනවිට අබුඩාබියේ රාජ්‍යතන්ත්‍රීක නිලධාරීන් සමග සාකච්ජා ආරම්භකර ඇති බව ද වාර්තා විය.

තවද ඩුබායිහිදී ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුව ගැණුනු රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග දිවයිනට රැගෙන ඒමට සත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හෙට 07 වනදා දිවයිනෙන් පිටත් වීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන්ව ගුණසේකර මහතාද පැවසීය.