Language Switcher

V2025

රාජපක්ෂලා අත්අඩංගුවට ගැනීමට “පොල්ල දැම්මේ ජනාධිපති” (වීඩියෝ)

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සහ පසුගිය පාලන සමයේ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන ප්‍රභූන් අත් අඩංගුවට ගැනීම වළක්වමින් ජනාධිපතිවරයා තහංචි දමන බවට යහපාලන රජය බිහිකිරීමට උරදුන් වාමාංශික නායකයකුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

ශ්‍රී ලංකාව සදහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ මුලික කටයුතු සිදු කර තිබුනද එය ඉදිරියට ගෙන යාමේ කටයුතු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් වලක්වා ඇති බව නව සමසමාජ නායකයා පවසයි.

“ව්‍යවස්ථාව ඉදිරියට ගෙන යාමට තහංචිය දාලා තියෙන්නේ මේ තක්කඩියාම තමයි,” යනුවෙන් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සදහන් කළේ කොළඹ මහ නගර සභා මැතිවරණයට කොඩි දෙක ලකුණින් ඉදිරිපත් වි සිටින යහපාලනය සදහා වු ජාතික පෙරමුණේ අවසන් මැතිවරණ රැස්වීම කොළඹදී අමතමිනි.

කොළඹ ගෑස් පහ හන්දියේ පැරණි නගර ශාලාවේදී එම රැස්වීම පැවැතියේ 7 බදාදා දිනයේය.

පසුගිය සමයේ රටේ සිදුවු අපරාධ සම්බන්ධයෙන් පොලිසිය විසින් අනාවරණය කරගනිද්දී එම පරීක්ෂණ නවත්වන ලෙස බලපෑම් කරන්නේ ජනාධිපතිවරයා විසින් බවට ද ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න එහිදී චෝදනා කළේය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවු අපරාධ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතු බව තමා ජාතික විධායක සභිව නියෝජනය කරන සමයේ පවසද්දී “එයා තමයි ඒකටත් පොල්ල දැම්මේ,” යනුවෙන් ඔහු තවදුරටත් සදහන් කළේය.

 විනාශකාරී ගමනක් ගිය නායකයෙක්:

2008 වර්ෂයේ සිට 2014 වසර දක්වා කාල පරිච්ජේදය තුලදී සිදුව ඇති මහ බැංකු වංචා මගින් ලබා ගත් මුදල් හිටපු ජනාධිපතිවරයා යොදා ගත්තේ රට විනාශයට රැගෙන යාම සදහා බව පවසන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න දැඩි ලෙස කියා සිටියේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එවැනි විනාශකාරී ගමනක් ගිය නායකයෙක් බවයි.

ඒ හේතුවෙන් පෙර සිටි ජනාධිපතිවරයාගේ හොරකම වැසීමට ඔහු කටයුතු කරන අතර යුද්ධය භාග්‍යයක් ලෙස ඔවුන් සදහන් කලද යුද්ධයෙන් යහපතක් වුයේ කාටදැයි ඔහු ප්‍රශ්න කළේය.

යුද්ධය එක්ලක්ෂ පනස් දහසක දෙමළ කතා කරන ජනතාව මරා දැමු අතර උතුරේ ශිෂ්ටාචාරයක් විනාශ වු බවද ඔහු සිහිපත් කළේය.

තිස් එක් දාහක සිංහල හමුදා භටයන් මිට ගියා සේම ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකට අතපය අහිමිවීමටද යුද්ධය හේතු වු බව වාමාංශික නායකයා එහිදී පෙන්වා දුන්නේය.

“රණ විරුවන්ට කන්න විදිහක් නැ. බොන්න විදිහක් නෑ. රණවිරු ගම්මානෙට බොන්න වතුර නෑ. අත පය නැති ගජබාහුලා. අතපය නැති විජයබාහුලා අනාථ වෙලා ඉන්නවා,” ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න තවදුරටත් සදහන් කළේය.

(radiogagana)