වෛද්‍ය අධ්‍යාපනයේ තත්ත්වය බාල කරන්න එපා - වෛද්‍ය සංගමය කියයි

වෛද්‍ය අධ්‍යාපනයේ තත්ත්වය බාල කරන්න එපා - වෛද්‍ය සංගමය කියයි

වෛද්‍ය සභාවේ විද්වත් මතය පසෙක දමා සකස්‌ කර ඇති වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය දැක්‌වෙන සංශෝධන ලියවිල්ල අනුමත නොකරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සියලු කැබිනට්‌ ඇමැතිවරුන්ගෙන් ලි තව ඉල්ලා සිටී.

ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍ය මණ්‌ඩල ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, වෛද්‍ය සභා ලේඛකාධිකාරි සහ සියලු රාජ්‍ය වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්ටද පිටපත් සහිතව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් කැබිනට්‌ ඇමැතිවරුන්ට මෙම ලි ත ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට්‌ කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සකස්‌ කළ තාක්‌ෂණික කරුණු මත පදනම් වූ ලියවිල්ල කැබිනට්‌ මණ්‌ඩලය තුළදී බාලවන අයුරින් සංශෝධනය කිරීම පිළිබඳ රට තුළ බරපතළ සංවාදයක්‌ මතුව ඇතැයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්, වෛද්‍ය පීඨ ආචාර්යවරුන් හා වෛද්‍යවරුන්ගේද, ක්‌ෂේත්‍රයේ අනෙකුත් විශේෂඥයන්ගේද අදහස්‌ හා එකඟතා අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අවම ප්‍රමිතිය පිළිබඳ ලියවිල්ල සකස්‌ කර තිබූ බවද හෙතෙම කීවේය.

ඒ අනුව 2018 වර්ෂය සඳහා රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වන අවම සුදුසුකම "බී" තුනක්‌ විය යුතු බව ඉෂෙඩ් ස්‌කෝර් අගය මත තීරණය වූ බව කී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ අනුව අවම සුදුසුකම පෙර වසරේ ප්‍රතිඵල මත වසරින් වසරට වෙනස්‌ වීමට ඉඩ ඇති බවද කීවේය.

 අවම සුදුසුකම "සී" දෙකක්‌ හා "එස්‌" එකක්‌ !

එහෙත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සකස්‌ කළ "බී" තුන නමැති අවම සුදුසුකම "සී" දෙකක්‌ හා "එස්‌" එකක්‌ ලෙස සංශෝධනය කළ බව සෞඛ්‍ය ඇමැතිවරයා අවස්‌ථා දෙකකදී ප්‍රකාශ කර ඇතැයි හරිත අලුත්ගේ මහතා කීවේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එකඟ වූ "බී" තුනක අවම ප්‍රමිතියට තමන්ද එකඟ වූ නමුත් කැබිනට්‌ මණ්‌ඩලය විසින් එය නොසලකා අවම ප්‍රමිතිය "සී" දෙකක්‌ සහ "එස්‌" එකක්‌ ලෙස සංශෝධනය කළ බව රාජිත සේනාරත්න ඇමැතිවරයා තමන් සමඟ ප්‍රකාශ කළ බවද කී හරිත අලුත්ගේ මහතා මෙය ඉතා බරපතළ තත්ත්වයක්‌ බවද කීවේය.

එම නිසා වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය රැක ගැනීමට හේතු වන අවම ප්‍රමිතියක්‌ සහතික කිරීම සඳහා මැදිහත් වන ලෙස වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සියලු කැබිනට්‌ ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න