Language Switcher

V2025

අන්තර්ජාලයෙන් මඩ ගහන කුමන්ත්‍රණකාරීන් අල්ලන්න - මංගලගෙන් CIDයට පැමිණිලි

 තමාට සහ රජය දැඩි ලෙස අපකීර්තියට පත්කිරීමේ අරමුණින් අන්තර්ජාල වෙබ් අඩවි හරහා ප්‍රචාරය කෙරෙන ව්‍යාජ ලිපියක් සම්බන්ධව පරීක්ෂණයක් කර එම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ කරගෙන යන පිරිස අත්අඩංගුවට ගෙන නීති මඟින් කටයුතු කරන ලෙස ඉල්ලා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා වෙත ඊයේ පෙරවරුවේ එම පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් සිය ට්විටර් පිටුවේ සටහනක් තබා ඇත.

27849658 10102777980821078 1518116483 n

 අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇති එම ලිපිය මංගල සමරවීර මහතා විසින් ලියන ලද එකක් ලෙසට ලියා ඇත්තේ බ්‍රිතාන්‍ය දෙමළ ඩයස්පෝරාවේ Mr T. R. Balu යන අයට යවන පරිදිය.

එහි British Tamil Korum United Kingdom ලෙස ආමන්ත්‍රණය කර එය තවදුරටත් ඉංග්‍රීසියෙන් ලියා ඇත්තේ Dear Mr. Balu මම ඔබට දැන්වීමට කැමතියි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සම්බන්ධව වහාම පරීක්ෂණයක් කරන බවත්, ඒ සඳහා ඔහු මෙරටට ගෙන්වන බවත් ආදී වශයෙන් ලිපිය ලියා ඇත.

එම ලිපිය අවසානයේ මංගල සමරවීර අමාත්‍යවරයා අත්සන් කරන ආකාරයට ව්‍යාජ අත්සනක් ද යොදා තිබේ.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය අසල බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හා වූ සිද්ධිය පසුගිය 4වැනි දා සිදුවිය. එහෙත් එම ලිපිය ලියා ඇත්තේ පෙබරවාරි 2 වැනි දිනය.

තවද මුදල් අමාත්‍යාංශ‍ෙය් ලිපි ශීර්ෂයක ලිපිය ලියා ඇත. එමනිසා එම ලිපිය ලියන ලද්දේ කවුද? ව්‍යාජ අත්සන් දැමුවේ කවුද සහ එම ලිපි ශීර්ෂය මුදල් අමාත්‍යාංශයට අයත් එකක්ද, නැතහොත් වෙනත් ව්‍යාජ එකක්ද යනුවෙන් හෙළිකර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පළාත් පාලන මැතිවරණයක් පැවැත්වෙන මේ අවස්ථාවේ බ්‍රිතාන්‍ය සිද්ධිය පදනම් කරගෙන රජයටත්, මංගල සමරවීර මහතාත් අපකීර්තියට පත්කිරීමේ අරමුණින් යම්කිසි පුද්ගලයකු හෝ පිරිසක් විසින් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් මේ හරහා කර ඇති බව පැවසේ.

fake letter