කණගාටුයි : පාසල් නිල ඇඳුම් දීම කල් යයි - ඩලස් 

කණගාටුයි : පාසල් නිල ඇඳුම් දීම කල් යයි - ඩලස් 

පාසල් නිල ඇඳුම් ලබාදීමට වඩා වවුචර් බෙදාහැරීම වඩාත් ප්‍රායෝගික සහ කාර්යක්ෂම ක්‍රමයක් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ ඊයේ  ( 28) පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේදී පැවැති උත්සවයක් අමතමිනි.පාසල් නිවාඩුවට පෙර සිසුන් මිලියන 4.4 කට පාසල් නිල ඇඳුම් ලබා දීමට පියවර නොගැනීම කනගාටුවට කරුණක් බවත් අමාත්‍යවරයා එහිදී  පැවසීය.

එසේම කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අවම වශයෙන් 2020 ජනවාරි දෙවන සතිය වන විට පාසල් නිල ඇඳුම් ලබා දීමට තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය වගකීම් සහිත රජයක් බවත් එය  අනාගතය කෙරෙහි අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න