ගොමා පාදෙණිය යට යයි : චාල්ස් මතුවෙයි !

ගොමා පාදෙණිය යට යයි : චාල්ස් මතුවෙයි !

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පත්නොවීම සම්බන්ධව එම සංගමය විමතියට සහ දැඩි කනස්සල්ලට පත්ව ඇති බව වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දිනා ගැනීම සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කර සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරය තම සංගමයේ සභාපති වෙත හිමිවනු ඇති බව සහ ඊට සුදුසුකම් ඔහුට ඇති බවය.

එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අන්තර්වාර ආණ්ඩුවේ අමාත්‍යාංශ 20 ක් සඳහා නව ‌ලේකම්වරුන් 20 ක් පත් කර අවසන් අතර  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‌ලේකම් ‌ලෙස පත්කර ඇත්තේ  පී.එස්.එම්. චාල්ස් මහත්මියයි.

 ඇය ඊට පෙර හිටපු  මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත්කර තිබිණ.

මේ අතර වැඩිදුරටත් ලැබෙන ආරංචි මාර්ග අනූව එළැඹෙන අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් පසුව හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය වෙත ලැබේවි යන විශේෂයෙන් එම සංගමය පසුවෙයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ අන්තර්වාර ආණ්ඩුවේ අමාත්‍යාංශ 20ක් සඳහා පත්කර ඇති අමාත්‍යාංශ ලේකම්වරුන් පහත දැක්වෙයි.

සංචාරක සහ ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් - එස්.එම්. මොහොමඩ්

මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් - ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි 

අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් - ජේ.ජේ. රත්නසිරි

වැවිලි කර්මාන්ත සහ අපනයන කාෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් - රවින්ද්‍ර හේවාවිතාරණ 

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් - ජේ.ඒ. රංජිත් 

උසස්අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් - ඩී.එම්.ඒ.ආර්.බී. දිසානායක

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශායේ ලේකම් - එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් - ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් - වසන්තා පෙරේරා 

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් - එම්.එම්.පී.කේ. මායාදුන්නේ

රාජ්‍ය පරිපාලන, ස්වදේශකටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශයේ ලේකම් - එස්.හෙට්ටිආරච්චි 

විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් -  ආර්.පී. ආර්යසිංහ

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් - ඒ.එස්.එම්.එස්. මහානාම 

පරිසර හා වනජීවි සම්පත් අමාත්‍යාංශයේ ලේකම් - ජේ.එම්.සී. ජයන්ති විජේතුංග

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් - ආර්.ඒ.ඒ.කේ. රණවක 

කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් - එම්.පී.ඩී.යු.කේ. මාපා පතිරණ 

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් - ආර්.එම්.අයි. රත්නායක 

සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් - පී.එස්.එම්. චාල්ස්  

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය අමාත්‍යාංශයේ ලේකම් - එන්.බී. මොන්ටි රණතුංග 

නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් - ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න